27 April 2024
#දේශීය

අපරාජිත පොහොට්ටුවෙන් මහමැතිවරණයට – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

ජයග්‍රාහී අපරාජිත පොහොට්ටුව ලකුණෙන් මෙවර මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.  එහිදී රණසිංහ මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස්වලට මහමැතිවරණයේ ලකුණ තීරණය කිරීමට ඉඩ ලබානොදෙන බවයි. 

එහිදී රණසිංහ මහතා මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවට පක්ෂ මාරු කරන එහාට මෙහාට පනින පිරිස් නොවන අය යැවිය යුතු බවයි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනක පවසනවා ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගන්න සහාය දෙනවා යැයි පැවසුව ද ඔහුට අතීතය අමතක වී ඇති බව රණසිංහ මහතා කියා සිටියේය.

පසුගිය මැතිවරණයේදී පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් මහින්ද රාජපක්ෂට ඡන්දේ දීලා සහයෝගය දැක්වු බවත් පැනපු අයට ලකුණ වෙනස් කරන්න කියන්න සදාචාරයක් නැති බව රණසිංහ මහතා අවධාරණය කළේය.

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *