මෙරට ආර්ථිකයෙන් 52%ක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රය දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපාර සතු අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 469ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම අර්බුදයට විසඳුමක් ලෙස, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් “Bad Bank” නමින් විශේෂ බැංකුවක් සහ රුපියල් බිලියන 300ක අරමුදලක් පිහිටුවීමට යෝජනා කර තිබේ. එමඟින් ණය ප්‍රතිව්‍යුහගත කර, CRIB ලැයිස්තුවෙන් ව්‍යවසායකයන් තාවකාලිකව ඉවත් කර ඔවුන්ව අපනයනකරුවන් බවට පත් කිරීමට අපේක්ෂිතය.














