හක්මන වලකඩහේන ප්‍රදේශයේදී සූදු ක්‍රීඩා කිරීමට ගිය ව්‍යාපාරිකයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් රුපියල් ලක්ෂ 41ක මහා පරිමාණ කොල්ලයක් සිදුව ඇත. වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කල්ලියක් කඩු සහ පිස්තෝල පෙන්වා පහරදී, රුපියල් ලක්ෂ 15ක මුදල් සහ පවුම් 5කට අධික රන් ආභරණ පැහැරගෙන පලාගොස් තිබේ.
පෙර පැවති මුදල් ආරවුලක් මත සැලසුම් සහගතව සිදුකළ මෙම අපරාධයට සම්බන්ධ 20 හැවිරිදි තරුණයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් සහ වෑන් රථය සොයා හක්මන පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරයි.














