• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදන ව්‍යාපෘතියක්

9 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ පස් අවුරුදු ව්‍යාපෘතියක් වන මේ සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැය කෙරේ. සූර්ය පැනල නිෂ්පාදනය පිළිබඳ මූලාකෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන අතර කැලණිය, යාපනය, පේරාදෙණිය සහ රුහුණු යන විශ්වවිද්‍යාල මගින් එය ක්‍රියාත්මක කරන බවයි.

ව්‍යාපෘතිය නිම වන විට මෙම විෂය සම්බන්ධ ආචාර්ය උපාධි අටක් නිමකිරීමට ද නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය පැනල නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව NVQ මට්ටම – 4 වෘත්තීය සුදුසුකම සමග ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2000 පුහුණු කිරීමේ වැඩසටහනක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

මෙම විෂය සම්බන්ධ පිළිගත් සුදුසුකම් සහිත ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීමේ ගැටළුවට පිළියමක් ලෙස විධිමත් පුහුණුවක් හා පිළිගැනීමක් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අවශ්‍ය පුහුණුවක් මේ යටතේ ලබාදීමට නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අතර NAITA ආයතනය පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සතු හම්බන්තොට පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ උපකරණ සහ ඉඩ පහසුකම් පුහුණු වැඩසටහන සඳහා ලබාදෙමින් එම ආයතනය මෙම වැඩසටහනට දායකත්වය ලබාදීමට නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති නසීර් අහමඩ්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ටී.එම්.ආර්. බන්ග්සා ජයා යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මීට අමතරව මෙම වැඩසටහන මගින් සූර්ය පැනල නිෂ්පාදනය සහ බලශක්තිය පිළිබඳ පාසල් මට්ටමේ සිසුන්ට දැනුම ලබාදීම මෙන්ම සූර්ය පැනල තාක්ෂණය යොදා ගනිමින් සරල උපකරණ ක්‍රියාත්මක කරවීම පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීම සහ ඔවුන් ඒ සඳහා යොමු කිරීම සිදුකෙරේ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද ඉල්ලීම මත උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවට සම්බන්ධ ගුරුවරුන් ද මෙම විෂය සම්බන්ධව පුහුණු කිරීමටද නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ නසීමා අහමඩ් මහත්මිය, මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය සුදත් කාලිංගමුදලි මහතා ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ ආයතන වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

DLB අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල් සත 25 වැඩි කෙරේ

Next Post

ගම්පෙරළිය ගම් මට්ටමෙන් සකස් කරපු දෙයක් – ඇමැති මංගල

editor

editor

Next Post

ගම්පෙරළිය ගම් මට්ටමෙන් සකස් කරපු දෙයක් - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved