• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අංශයේ දැවැන්ත කඩා වැටීමක් තියෙන බව මන්ත්‍රී කාවින්ද කියයි

28 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද සමස්ත සෞඛ්‍ය සේවයේ දැවැන්ත කඩාවැටීමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදිය.

වෛද්‍යවරු රට අතහැරලා යන අතර රෝහල් පද්ධතිය කඩා වැටි ඇති බව හෙතෙම පැවසිය. එසේම නියාමනයක් නොකල ටෙන්ඩර් පටිපාටියකින් තොරව බාල ඖෂධ රටට ගෙන ඒම තුළ රටේ රෝගීන්ගේ ජීවිත අනතුරට වැටිලා තිබෙන බව ඔහු කියා සිටියේය.

මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය ” මේ දිනවල පුවත්පත්වල මුල් පිටුවල වාර්තා වෙන්නේ සෞඛ්‍ය අර්බුදය ගැන. ජාතික රෝහලේ පනස් හැවිරිදි රෝගියෙකුට ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු මිය ගිය බව වාර්තා වෙනවා. කෝ- ඇමෙක්සික්ලෝව් කියන ඖෂධය තමයි ඒ රෝගියාට ලබා දීලා තියෙන්නේ එහිදී අගෝස්තු 15 වැනිදා ඉදිරිපත් කර වාර්තාවේ නිර්දේශවල තියෙනවා එම ඖෂධය භාවිතයට සුදුසු නැහැ කියලා අපිට තියෙන ප්‍රශ්නය ජුනි මාසය වාර්තාවක් ඉදිරිපත් වුණා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් එහි කියනවා එම ඖෂධය වහාම නතර කරන්න ඒ වගේම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න සහ මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයක් ලබා ගන්න කියලා.එහෙම තියෙද්දි තවත් ජීවිතයක් බිලි වෙනකන් සෞඛ්‍ය ඇමතිවරයා මොනවද කළේ කියන ප්‍රශ්නය සෞඛ්‍ය ඇමති වරයාගෙන් අහනවා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය විසින් කෝටි හතක් ඒ අයගේ අවශ්‍යතාවයන් සඳහා ඒ අයට ලබාගත්තා කියන එකත් අද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා.ඒත් එක්කම ඖෂධ සැපයුම් අංශය සතු අක්ෂි කාච නොමැති බව වාර්තා වෙනවා කියලා අරුණ පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා.එක අතකින් මේ ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා අහිංසක පනස් හැවිරිදි පියෙක් ජීවිතක්ෂයට පත්වෙනවා එහිදී පැහැදිලිවම මේ ඖෂධය පිළිබඳව ජුනි මාසයේ සංකූලතා ඇති වුණා කියන වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. අගෝස්තු මාසේ නැවත වතාවක් මේ ඖෂධය පිළිබඳව පරීක්ෂණ කරන්න සහ නතර කරන්න කියන වාර්තාව තියෙද්දි ඖෂධය ලබා දීලා තියෙනවා කියන එකයි අපිට මාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබෙන්නේ.දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයේ කඩාවැටීමත් එක්ක රෝගීන් ජීවිත වලින් වන්දි ගෙවන්න තත්වෙට පත්වෙලා එසේ ජීවිතවලින් වන්දි ගෙවන අතර අනිත් පැත්තෙන් අපේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල්වලින් වන්දි ගෙවනවා එයට හොඳම උදාහරණය තමයි අක්ෂි කාච වල හිඟයක් තියෙනවා කියලා මවල තියෙනවා. මේ ගොල්ලො කරන්නේ හදිසි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලියාපදිංචි නොකර ඖෂධ හෝ උපකරණ මිලදී ගැනීමට හදිසි මිලදී ගැනීම් තත්ත්වයක් ඇති කිරීම.දැන් ඉන්සියුලින්වලට එහෙම කරා අක්ෂිකාච වලට එහෙම කරලා තියෙනවා අපි ඇමතිවරයාගෙන් අක්ෂි කාච තියනවද කියලා ඇහුවොත් එතුමා කියනවා ඔව් තියෙනවා කියලා.නමුත් වෛද්‍ය සැපයුම් අංශයෙන් අක්ෂිකාච නැහැ කියන එකයි මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ. රෝහල්වල තියෙන්නේ ඒ රෝහලේ රෝගීන් දහයකට පහළොවකට විස්සකට නමුත් අපිට එකොලොස් දාහකට ආසන්න අක්ෂිකාච ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දිනකට දැවැන්ත විදිහට රෝගීන් අක්ෂි කාච ලබා ගැනීම සහ ශල්‍යකර්ම සදහා රෝහල් වලට යනවා. එහෙම තියෙනකොට රට තුළ අක්ෂි කාච හිගයක් තියෙනවා කියන එක නිර්මාණය කරලා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිහින් බිලියනයක වංචාවක් සිදු කරා කියන එක අපි මාධ්‍යයට හෙළිදරව් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වෛද්‍යවරු පැමිණිලි කර දිගින් දිගටම අපි කිව්වා. මේ රටේ අක්ෂි කාච මිල දී ගැනීම පිළිබඳව දැවැන්ත වංචාවක් තියෙනවා ඒ වංචාව බිලියනයක වංචාවක් ඒ තුළින් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් හොරා කනවා කියන එක පැහැදිලි කළා. එසේ තියෙනකොට සියලුම දේ අහෝසි කරලා හදිසි මිලදී ගැනීම් සදහා 29 වෙනිදා තීන්දුවක් ගන්නවා කියන එක අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය හෙළිදරව් වුණා. ඒ වගේම තමයි ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට වේතන හැටියට කෝටි හතක් ගෙවලා තියෙනවා කියන එක පුවත් වල සඳහන් වෙනවා. එක පැත්තකින් රෝගීන්ගේ ජීවිත වලින් වන්දි ගෙවනවා බාල ඖෂධ රෝගීන්ට ලබා දීලා. ඒ වගේම මේ රටේ බදු ගෙවන ජනතාව වන්දි ගෙවනවා තමන් ගෙවන බදු වංචනික ලෙස ගසා කාලා තමන්ගේ මඩිය තරකර ගැනීමේ ක්‍රියාදාමයත් එක්ක.

ඊයේ (27)දින මමත් වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් නුවර දිස්ත්‍රික්කයේ ලකී ජයවර්ධන මන්ත්‍රීවරයාත් අර්ල් ගුණසේකර මැතිතුමා ඇතුළු කණ්ඩායම නුවර ප්‍රධාන රෝහල ඉදිරිපිට ජනතා පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළා. මතක තියාගන්න නුවර දිස්ත්‍රික්කයෙන් තමයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තේරී පත් වුණේ.එතුමා ප්‍රකාශ කරන විදියට ඇමතිකම් දහඅටක් කරලා තියෙනවා. මේ 18වන අමාත්‍යාංශයේ එතමා පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඖෂධ නියාමනය සිදු වෙනවා. එහිදී අහිංසක අවුරුදු දෙක හමාරක දරුවෙක් නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් මිය ගිහින් තියෙනවා. අවුරුදු 28 ගැබිනි මවක් වන සදුනි නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් මරණයට පත්වුණා. එම ගෙදරට මම ඊයේ දින සහභාගි වුනා එයාගේ දරුවාගේ වයස මාස හතරයි මටත් මාස හතරක කුඩා දරුවෙක් ඉන්නවා මේ දරුවාට කිරි දෙන්න අම්මා කෙනෙක් වෛද්‍යවරු හැටියට අපි දන්නවා මාස හයක් මව්කිරි ලබා දෙන්න ඕන. මේ දරුවාට අක්කා කෙනෙක් ඉන්නවා අවුරුදු පහක ඒ අක්කා එන අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඕන අද වෙනකන් අම්මගේ මරණ සහතික දීලා නැහැ .ඒ සඳහා මාස හයක් යන බව කියලා තියෙනවා. මේ ළමයි දෙන්න බලාගන්න ඉන්න තාත්තා කලු පහන මහතා කුලී වැඩ කරන පුද්ගලයෙක් සදුනිගේ තාත්තා කෙහෙලිය ඇමතිවරයාට රැස්වීම් කරපු කාර්යාල දාලා වැඩ කරපු පුද්ගලයෙක් එහිදී කෙහෙළිය ඇමතිවරයාට කොන්දක් තිබුණේ නැහැ අහිංසක සඳුනිගේ ගෙදරට ඇවිත් ඒ පවුල බලලා වෙලා තියෙන අසාධාරණය පිළිබඳව අවධානය යොමු කරන්න. මම ඒ ගෙදරට ගිය වෙලාවේ දරුවත් එක්ක ගත්තා ඡායාරූපයක් එහිදී මට මගේ දරුවා මතක් වුනා අපි කියනවා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට මේ දරුවගේ මුණ දිහා බලන්න මේ පවුලේ සඳහා සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න වන්දි දෙනවා කිව්වා නමුත් දීලා නෑ එම දරුවාගේ තාත්තා කුලී වැඩ කරන්නේ දරුවෝ දෙන්නා ගෙදර තියලා වැඩට යන්න විදියක් නැහැ. මාස 4ක් අහිංසක දරුවාට කිරි පිටි පැකට් එකක් ගන්න ඕන 2500ක් වගේ වෙනවා එහි දී මේ පුද්ගලයාට කුලී වැඩ කරගන්න විදියක් නැතුව ළමයි දෙන්නා බලා ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. එය ඇමතිවරයාට නොතේරෙන එක ගැන අපි කණගාටු වෙනවා.

ඒ වගේම අපි ගියා චමෝදි කියන අවුරුදු 21ක තරුණ දරුවාගේ ගෙදර .එහිදී ඒ අම්මා කියපු කාරණයක් තමයි තමන්ගේ දුවට ප්‍රතිජීවක ඖෂධය දීලා තත්පර ගානකින් දියණිය මරණයට පත් වුණා කියලා. ඒ පවුලේ අය රෝහලෙන් ඇහුවා අපිට කියන්න, පෙන්නන්න මොකක්ද දුන්න ප්‍රතිජීවක ඖෂධයේ නම වෛද්‍යවරු ලියනවා දෙන්න ඕන මේ ප්‍රතිජීවක ඖෂධ කියලා ඒක වත් අපිට පෙන්නුවේ නැහැ කියලා ඒ අය කිව්වා. ඒ අම්මා කිව්වා මට සැකයි මේ අය කිව්වට ප්‍රතිජීවක ඖෂධයක් දුන්නේ කියලා නමුත් අපිට සැකයි වෙන රෝගියෙක්ගේ ඖෂධයක් ද ලබා දුන්නේ කියලා.පොලිසියට ගිහින් මරණ සහතිකය ඉල්ලුවම උසාවියෙන් ගන්න කියලා කුණු මාළු කෑල්ලක් වගේ එහාට මෙහාට විසි කරනවා කිව්වා. මේ බාල ඖෂධ නිසා මියගිය අයගේ භාර කාරයින්ට හා පවුලේ සියලු දෙනාට අපි ආරාධනා කළා හය ,හත, අට තියෙන විශ්වාසභංග යෝජනාවේ දී පාර්ලිමේන්තුවේ ගැලරියට එන්න ඇවිත් පාර්ලිමේන්තුවේ 225 කියන කතා ටිකක් අහන්න කියලා.ඒ කතාවලින් ආණ්ඩුපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු උත්සාහ ගන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ව ආරක්ෂා කරන්න නම් සෞඛ්‍ය ඇමති ආරක්ෂා කරන්න නම් නුවර දිස්ත්‍රික්කයේ ඔබ ඡන්ද දුන්නා මහජන නියෝජිතයා උත්සාහ ගන්නේ බලය ආරක්ෂා කරන්න නම් මනුස්සකම ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ දුන්න ඡන්දයට වටිනාකමක් එක් නොකරනවා නම් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරල අවස්ථාව ලැබුණම හරි තීන්දුවක් ගන්න කියන ඉල්ලීම අපි ඒ අයට කළා.

අද සමස්ත සෞඛ්‍ය සේවයේ දැවැන්ත කඩාවැටීමක් තියෙනවා වෛද්‍යවරු රට අතහැරලා යනවා රෝහල් පද්ධතිය කඩා වැටිලා නියාමනයක් නොකල ටෙන්ඩර් පටිපාටියකින් තොරව බාල ඖෂධ රටට ගෙන ඒම තුළ රටේ රෝගීන්ගේ ජීවිත අනතුරට වැටිලා තියෙනවා ඒ වගේම බාල වෛද්‍ය උපකරණ ගෙනල්ලා දිලීර ශරීරගත වෙලා රෝගීන් දහයකට ආසන්න නුවර ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත්වුණා කියලා මාධ්‍යයෙන් හෙළි වුණා. එම නිසා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම දන්නවා මේ හැම දෙයක්ම වහන්න පුළුවන් සාක්ෂි වහන් කරන්න පුළුවන් තමන්ට ගැලවෙන්න පුළුවන් කියලා.හැබැයි අපි පැහැදිලිව කියනවා මේ ලෝකයේ අපි විශ්වාස කරනවා ආගම දහම අනුව කරන පවුකාර වැඩ වලට කවදහරි දවසක වන්දි ගෙවන්න සිදුවෙනවා කියන එකත් අපි මතක් කරනවා යැයි මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව ගැන කැබිනට් මණ්ඩලයට සංදේශයක් – ඇමැති සුසිල්

Next Post

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදන්න – අගමැති

editor

editor

Next Post

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved