රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) අද පෙරවරු 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
2026 අයවැයෙන් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන්ට අදාළ කරුණු නොසලකා හැරීමේ විරෝධය දැක්වීමේ අරමුණු සම්බන්ධයෙන් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.
මෙම ක්‍රියාමාර්ගය යටතේ රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණවල වෙනුවට බාහිරින් ලබාගන්නා සඳහා තුණ්ඩු නිකුත් කිරීම අද සිට නවතී. ඉන් අමතරව රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ සඳහා බාහිර නිර්දේශ නිකුත් කිරීම ද නැවතීමට GMOA තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය පද්ධතියේ පවතින අර්බුද අයවැය තුළ නොසලකා හැරීම පිළිබඳ නීතිමය හා සමාජීය අයහපත් ප්‍රතිවිපාක ගැන දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීම ද මෙම ක්‍රියාමාර්ගයට අමතරව සිදු කෙරෙන බවයි ඔහු පැවසුවේ.
ඒ සමඟම දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා GMOA සාමාජිකයන් අද සිට ස්වේච්ඡාවෙන් සහභාගී නොවීමට තීරණය කර ඇති බවද සංගමය පවසයි.
තවද ප්‍රමාණවත් වෛද්‍ය බලකායක් නොමැතිව විවෘත වන නව රෝහල් වාට්ටු හා ඒකක සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීමට ද GMOA තීරණය කර තිබෙනවා.
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ GMOA විධායක මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි.














