ලංකාවේ ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් තවත් පුවතක් අන්තර්ජාලය පුරා සැරිසරනවා.
ලැබුණු වාර්තා අනුව, පියුමි හංසමාලිගේ සමාගමක් නිෂ්පාදනය කර අලෙවි කරන සුදු කිරීමේ ක්‍රීම් වල ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයෙකුට නියෝග කර තිබෙනවා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින්.
ක්‍රීම් මිනිස් භාවිතයට ආරක්ෂිතද නැද්ද කියා තීරණය කිරීම සඳහා විශේෂ විශ්ලේෂක වාර්තාවක් ඉල්ලා තිබෙන බවත් සඳහන්.
මේ ක්‍රියාමාර්ගය, සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් විමර්ශන පවත්වන දෙපාර්තමේන්තුවක ඉල්ලීමක් අනුව සිදු වූ බවයි වාර්තා වන්නේ.
අදාළ පරීක්ෂණයකදී, හංසමාලි ඇගේ ප්‍රකාශිත ආදායම ඉක්මවා ධනය උපයා ගත් බවට චෝදනා මධ්‍යයේ බලධාරීන් ඇගේ වත්කම් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
විමර්ශනවලදී,
කලින් හිටපු ජනාධිපතිවරයෙකුට අයත් රුපියල් මිලියන 80 ක් වටිනා රේන්ජ් රෝවර් රථයක්
රුපියල් මිලියන 80 ක රේන්ජ් රෝවර් රථයක්
කොළඹ 7 හි රු. මිලියන 148 ක නිවසක්
බැංකු ගිණුම් 19 ක්
සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය විසින් කරන ලද පැමිණිල්ලකින් පසුව හංසමාලිගේ මූල්‍ය වත්කම් පිළිබඳ විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් වාර්තා වනවා.