මෙරට තුළ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 53 දෙනෙකු මේ වන විට රට හැර ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ හදිසි ප්‍රතිකාර වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කරන ලද්දේ රජය වන බැවින් ගෙදර තබා රෝගීන් රැක බලා ගැනීමේ ක්‍රමය ආණ්ඩුව දන්නා බවයි.
මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කරන මෙන් නිර්දේශ ලැබී තිබුණද ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයට හේතුව කුමක්ද යන්න නොදන්නා බවද ඔහු පැවසීය.විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රෝගියා රෝහලට ඇතුළත් කර රෝග පරීක්ෂාව කරන ක්‍රමය කල් පැන ගිය එකක් වන බවත්
මේ හේතුවෙන් විශාල ලෙස රටේ මුදල් අපතේ යැවීමක් සිදුවන බවත්ය.
ඒ අනුව අත්‍යවශ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමත් අනෙක් රෝගීන් අවශ්‍ය ප්‍රතිකාර කරමින් පරීක්ෂණ කරමින් නිවසේ තබා ගෙන රැක බලා ගැනිම රෝගියාටත් රටේ ආර්ථිකයටත් විශාල සහනයක් වන බව ලැනරෝල් මහතා පැවසීය.ලොව ඇතැම් රටවල 70%ක් පමණ රෝගීන් නිවසේ තබා රැක බලා ගැනීම සිදු කරන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved