හපුතලේ, පිටපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී ඇති බව හපුතලේ පොලිසිය පවසයි. ඊයේ (08) සවස් කාලයේ මියගිය පුද්ගලයාට අයත් වගා භූමියක් තුළදී මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම ඝාතනයට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














