ව්‍යාපාර ලෝකේ තවත් “Gossip” එකක් !
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මේ වතාවේ අත්පත් කරගෙන ඇත්තේ වෙළදපොලේ ලොකුම නාමයක් වූ හරිස්චන්ද්‍ර මිල්ස් PLC ආයතනයයි.
ඒ අනුව, ධම්මිකා මෙවර හරිස්චන්ද්‍ර මිල්ස්හි 40%ක කොටස් මිලදීගෙන තිබෙනවා. ඒකට ඔහු දාපු මුදල — රුපියල් බිලියන 2.57ක්!
එහිදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාගේ ආයෝජන හස්තය වන Senthilverl Holdings (PVT) Ltd සතුව පැවති කොටස් 778,946 ක් එකක් රු. 3,300.00 ක් බැගින් මිල දී ගැනීමට ධම්මික පෙරේරා මහතා විසින් කටයුතු කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.
මෙය ධම්මික පෙරේරා මේ වසරේ සිව්වෙනි ව්‍යාපාර අත්පත් කරගැනිමක්.
පහළින් බලන්න, මේ වසරේ ඔහු අත්පත් කරගත්ත ලිස්ට් එක👇
🔹 Associated Motor Finance Company PLC
🔹 Laugfs Holdings
🔹 EAST WEST Properties PLC හි බහුතර කොටස් (ඒකට රු.3.23 බිලියන!)
ඉතින් දැන් හැමෝටම තියන අනිත් ප්‍රශ්නය තමයි ඊළඟට ධම්මිකා අල්ලන්න යන්නෙ මොන සමාගමද? කියන එක