• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටයිටන් සබ්මැරීනය පුපුරා යාමට බලපෑ හේතුව ඇමෙරිකානු විමර්ශනයකින් හෙළි වෙයි

17 October 2025
in දේශීය, විදෙස්, විශේෂාංග
ටයිටන් සබ්මැරීනය පුපුරා යාමට බලපෑ හේතුව ඇමෙරිකානු විමර්ශනයකින් හෙළි වෙයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ගමනේදී ඕෂන්ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය පුපුරා ගියේ, තාක්ෂණික දුර්වලතා සහ සබ්මැරීනය පරීක්ෂා කිරීමට අසමත්වීම් හේතුවෙන් බව නිල වාර්තාවක දැක්වේ.

2023 වසරේදී ටයිටන් සබ්මැරීනය පුපුරා යාමෙන්, ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු සබ්මැරීනයේ සිටි 5 දෙනා ම ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) සබ්මැරීනය නිපදවීමේදී අනුගමනය කළ කාර්මික ඉංජිනේරුමය ක්‍රියාවලිය “ප්‍රමාණවත් නොවන” බව හඳුනාගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සබ්මැරීනයේ කාර්මික දෝෂ ඇති වූ අතර, එහෙයින් සබ්මැරීනයේ ශක්තිමත්භාවය සහ කල්පැවැත්ම සඳහා වන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව හෙළි වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පැවසුවේ, ඕෂන්ගේට් සමාගම ටයිටන් සබ්මැරීනය ප්‍රමාණවත් ලෙස පරීක්ෂා නොකළ නිසා එහි සැබෑ ශක්තිමත්භාවය පිළිබඳව නොදැන සිටි බව ය. එයට හානි වී තිබූ බවත්, එහි අවසාන ගමනට පෙර භාවිතයෙන් ඉවත් කළ යුතුව තිබූ බවත් සමාගමේ බලධාරීන් දැන සිට නැත.

නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ශාන්ත ජෝන්ස් සහ කැනඩාවේ ලැබ්‍රඩෝර් සිට සැතපුම් 372ක් පමණ දුරින් පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදීමට දැරූ උත්සහයක් අතරතුර උතුරු අත්ලාන්තික් සාගරයේදී ටයිටන් සබ්මැරීනය අතුරුදන් විය.

අගෝස්තු මාසයේදී, එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය මෙම පිපිරීම පිළිබඳව අනතුරු ඇඟවීමේ වාර්තාවක් නිකුත් කරමින්, එම සිදුවීම “වළක්වා ගත හැකිව තිබූ” බව අනාවරණය කර ගත් අතර ඕෂන්ගේට් සමාගමේ “අතිශයින් දෝෂ සහිත” ආරක්ෂක පිළිවෙත් විවේචනය කළේ ය.

ටයිටන් සබ්මැරීනයේ අවසන් ගමනේදී එහි මෙහෙයුම් කටයුතු සිදු කරන ලද්දේ, ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් විසිනි.
මෙම ගමනට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 25,000 බැගින් ගෙවා ඇති සබ්මැරීනයේ ගමන් ගත් පුද්ගලයින් අතර ගැඹුරු මුහුදේ ගවේෂක පෝල්-හෙන්රි නාර්ගෝලට්, ෂාසාඩා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් ඩාවුඩ් සහ හමිෂ් හාඩිං ද වූහ.

සිය විමර්ශනය අතරතුර, ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය ඕෂන්ගේට්හි ආරක්ෂක ක්‍රමවේදයේ ගැටලු පැවති බව සොයා ගත්තේ ය.

ඇතැම් සේවකයින් ආරක්ෂාව ප්‍රමුඛතාවක් බව පැවසූ අතර, හිටපු සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකු සහ කාර්මිකයෙකු ඇතුළු තවත් පිරිසක්, “ආරක්ෂණ ගැටලු, විශේෂයෙන් සැලසුමේ පැවති ගැටලු නොසලකා හරින ලද” තත්ත්වයක් පැවති බවට කරුණු ඉස්මතු කළහ.

ඕෂන්ගේට් සමාගමේ ව්‍යාපාරික ආකෘතිය පිළිබඳව, විශේෂයෙන් ගෙවීම් කරන සේවාදායකයින් මගීන් ලෙස නොව “මෙහෙවර විශේෂඥයින්” ලෙස පිළිගැනීම පිළිබඳව, තමාට කනස්සල්ලක් ඇති බව සමාගමේ එක් කාර්මික ශිල්පියෙක් පැවසීය.

ඇමෙරිකානු රෙගුලාසි යටතේ, පර්යේෂණාත්මක සබ්මැරීනයකින් මගීන් ප්‍රවාහනය කිරීම නීති විරෝධී වේ.

“… වන්දි ගෙවද්දි පුද්ගලයෙකුගේ තනතුරු නාම පමණක් වෙනස් කරන්න බැහැ” යනුවෙන් ඔහු ප්‍රධාන විධායක නිලධාරියාට දැනුම් දුන් බව ඕෂන්ගේට්හි කාර්මිකයා ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයට පැවසීය.

පසුව එම මාතෘකාව පිළිබඳ සංවාදයකදී, ප්‍රධාන විධායක නිලධාරියා මෙසේ පැවසූ බව එම කාර්මිකයා සිහිපත් කළේ ය: “[ඇමෙරිකානු] වෙරළාරක්ෂක බළකාය ගැටලුවක් මතු කළොත් … කොංග්‍රස් සභිකයෙකු සල්ලිවලට අරගෙන එම බාධා ඉවත් කර ගන්නවා.”
– BBC sinhala

Post Views: 23
Previous Post

ධම්මික අතට ගත් අලුත්ම ප්‍රධාන පෙලේ ව්‍යාපාරය මෙන්න

Next Post

තවත් ප්‍රබල භූ කම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
තවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved