• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?

28 May 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..
සාමාන්‍යයෙන් බහුතරයක් අයට හාට් ඇටෑක් එකකදි එන්නේ පපුවේ වම් පැත්තේ එන හිරකිරීමක් වගේ දෙයක්.මේක දවස පුරා එක දිගට එක විදියට තියෙනවටත් වඩා සැරින් සැරේ එන ස්වාභාවයක් තමයි වැඩිපුර තියෙන්නේ.
මහන්සි වෙලා වැඩක් කරනකොට මේක වැඩියෙන් දැනෙන්න පුලුවන්.ඒත් එහෙම කියලම නෑ විවේකයෙන් ඉන්නකොටත් පපුවේ කක්කුම එන්න හැකියාවක් තියෙනවා.
එහෙම ඒ කැක්කුම ආවට පස්සේ විනාඩි 10-20ක් විතර ඒක තියෙන්න පුලුවන්.සමහරවිට කර කර හිටිය වැඩේ නවත්තලා විවේකයක් ගත්තම මේ කැක්කුම අඩුවෙලා යනවා.නැත්නම් ඉබේම අඩුවෙලා යන්නත් පුලුවන්.වේදනානාශකයක් ගත්තම අඩුවෙන්නත් පුලුවන්.
වැදගත්ම දේ තමයි මේ කැක්කුමත් එක්කම අපට දාඩිය දැමීමක් හෝ ක්ලාන්තගතියක් දැනෙන්න ගන්න එක.
ඒ වගේම තව එක වැදගත් ලක්ෂණයක් තමයි මේ පපුවේ කැක්කුමත් එක්ක ඒ කැක්කුම අපේ අත හෝ බෙල්ල දිහාවට යනවා වගේ දැනෙන්න ගන්න එක.
මෙන්න මේ ලක්ෂණ ටික තමයි අපට පොතේ විදියට හරියටම හාට් ඇටෑක් එකක් එනවා නම් එන්නේ.ඕකට අපි කියනවා typical chest pain එකක් කියලා.
හැබැයි වැඩේ කියන්නේ හැමෝටම මෙහෙම වෙන්නේ නෑ..
විශේෂයෙන් දියවැඩියා රෝගය තිබෙන අයට සහ කාන්තාවන්ට මේ ලක්ෂණ ටික ටික වෙනස් වෙලා වුනත් හාට් ඇටෑක් එකක් එන්න පුලුවන්..
ඒ මොන වගේද ?
අසාමාන්‍ය පපුවේ කැක්කුම
හැමෝටම ( කාන්තාවන්ට වුනත් පිරිමි අයට වුනත් ) මම උඩින් විස්තර කරපු ලක්ෂණ හැම එකම එක පාර එක විදියට දැනෙන්නේ නැතිවෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට එක් ලක්ෂණයක් දෙකක් විතරක් දැනෙන්න පුලුවන්.
ඒ නිසා පපුවේ කැක්කුම විතරයි ආවේ දාඩිය දැම්මේ නෑ කියලා ගෙදරට වෙලා ඉන්න එපා.පපුවේ කැක්කුම ප්‍රධාන කරගෙන මොන අමාරුවක් ආවත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එක තමයි වඩා සුදුසු.බෙල්ල දිහාවෙන් එන කැක්කුම අත දිගේ යන කැක්කුම වගේ වුනත් හාට් ඇටෑක් එකක් එන්න පුලුවන්.
ඒ වගේම හිරකිරීමක් වගේ විතරක් නෙවෙයි.පපුවේ දැවිල්ලක් වගේ වුනත් ඔයාලට මේ කැක්කුම දැනෙන්න පුලුවන්.
එකවර ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා
සමහර වෙලාවට හාට් ඇටෑක් එකක් හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක එන්න පුලුවන්.මොනාහරි මහන්සිවෙලා වැඩක් කරන වෙලාවට පොඩි කන්දක් නගින වෙලාවට පොඩි පඩිපෙලක් නගින වෙලාවට අසාමාන්‍ය විදියට හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා නම් සමහරවිට ඒක හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන් අවස්ථාවක් තියෙනවා.
( මේ කියන්නේ කන්දක් නැගලා යනකොට එන සාමාන්‍ය හතිය මහන්සිය ගැන නෙවෙයි ) මේ හුස්ම ගැනීමේ අපහසුතාවය විශේෂයෙන් පපුවේ කක්කුමක් නැතුවම වුනත් එන්න පුලුවන්.
අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම
මේක ගොඩක්ම දකින්න හම්බවෙන්නේ ගොඩක් කාලයක් දියවැඩියාව තියන අයට.එයාලගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන දුර්වලතා නිසා හාට් ඇටෑක් එන වෙලාවට පපුවේ කැක්කුමක් විශේෂයෙන් දැනෙන්නේ නෑ.එයාලට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ දහඩිය දැමීම විතරයි.
වෙන කිසිම අමාරුවක් නැතුව අසාමාන්‍ය විදියට එකවර දහඩිය දැමීමක් දැනෙනවා නම් එය හාට් ඇටෑක් එකක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්.( මේ කියන්නේ මහන්සිවෙලා වැඩක් කලාම දාන දහඩිය ගැන නෙවෙයි )
කියන්නම ඕන දියවැඩියාව තියන හැමෝටම හාට් ඇටෑක් එකක් එනකොට දහඩිය දානවා කියලා එකක් නෑ.හැබැයි වෙන්න පුලුවන්.
ක්ලාන්තගතිය | එකවර සිහිනැතිවීම
මේකත් ගොඩක් දකින්න හම්බවෙන්නේ දියවැඩියාව තියන අයට තමයි.මුලින් කිව්ව විදියට මේ අයට විශේෂ පපුවේ කැක්කුමක් දැනෙන්නේ නැති නිසා හාට් ඇටෑක් එකක් ආවත් දන්නේ නෑ.අවසානයේ නොදැනීම හාට් ඇටෑක් එක එහි උපරිමයට ගිහින් සංකූලතා ඇතිවෙනවා.ඒ ගැන දැනගන්නේ රෝගියා සිහිනැතිව වැටුනට පස්සේ තමයි.
මේකට අපි silent MI එකක් කියලත් කියනවා.
තවත් අවස්ථා වල රෝගියා මියගිහින් වැටෙනකල්ම දන්නේ නෑ තමන්ට හාට් ඇටෑක් එකක් ඇවිත් කියලා.බොහෝ විට මරණ පරීක්ෂණයෙන් තමයි ඒක දැනගන්නේ.
මීට අමතරව දැනෙන වෙනත් රෝග ලක්ෂණ
සමහරවිට
බඩේ දැවිල්ලක් විදියට
උරහිස් සන්දියේ ඇතිවන කැක්කුමක්
පිට කොන්දේ කැක්කුම
වගේ ලක්ෂණත් එක්කත් හාට් ඇටෑක් එන අවස්ථා අපි දැකලා තියෙනවා.
මෙහෙම වුනාම වෙන හොදම නැති දේ තමයි රෝගීන් නියමිත වෙලාවට හොස්පිටල් එකට එන්නේ නැතිවෙන එක.මොකද හාට් ඇටෑක් එකකදි ඒක ඇතිවෙන වෙලාව සහ ප්‍රතිකාර ලැබෙන වෙලාව හරිම වැදගත්.
ගොඩක් අය හාට් ඇටෑක් එකක් කියලා කිව්වම හිතන්නේ පපුවේ කැක්කුමක් ගැන විතරයි.එහෙම නැත්නම් පපුවේ කැක්කුමක් ආවම තමයි කලබල වෙලා හොස්පිටල් එකට දුවන්නේ.මේ වගේ රෝග ලක්ෂණ ආවම ගනන් ගන්නේ නැතුව ඉන්නවා.නැත්නම් ගොඩ වෙදකමක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.
මට මේ පෝස්ට් එකෙන් කියන්න ඕන වුනේ හාට් ඇටෑක් එද්දි අපට දැනෙන්නේ පපුවේ කැක්කුමක් විතරක් නෙවෙයි කියන එක.ඊට අමතරව නොයෙක් විදියට නොයෙක් රෝග ලක්ෂණත් එක්ක හාට් ඇටෑක් එන්න පුලුවන්.
ඒ නිසා මේවගේ දේවල් ගැන දැනුවත්කමින් ඉදලා හරිම වෙලාවට ප්‍රතිකාර ගන්න try කරන්න.එතකොට වෙන්න තියෙන ගොඩක් නරක දේවල් අඩු කරගන්න ඔයාලට පුලුවන්.
doctor nalin
May be an image of 2 people and text
Post Views: 7
Previous Post

වැඩිහිටි දීමනාව බැංකුගත කරයි

Next Post

කාලගුණයෙන් සැර නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
කාලගුණයෙන් සැර නිවේදනයක්

කාලගුණයෙන් සැර නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved