සංජනා ඔනාලි ගමආරච්චි කියන්නේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත්ත සුරූපී රංගන ශිල්පිනියක්. ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙලා තිබෙන්නේ ඇය විසින් මුහුණුපොතට එක් කළ වෙනස් ආකාරයේ සටහන් කිහිපයක් නිසයි.
පසුගිය දින කිහිපය පුරාම ඇයගේ Facebook ගිණුමේ පළවුණු ඇතැම් වැකිවලින් ඇය යම්කිසි මානසික පීඩනයකින් හෝ කලකිරීමකින් පසුවන බවට ඉඟි පළවී තිබුණා. විශේෂයෙන්ම “තනිකම”, “විශ්වාසය බිඳී යාම” සහ “ජීවිතයේ අලුත් ආරම්භයන්” පිළිබඳව ඇය පළ කළ අදහස් රසිකයන්ගේ දැඩි අවධානයට ලක්වුණා.
මේ වන විට බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ ඇයගේ විවාහ ජීවිතය තුළ යම් අර්බුදයක් නිර්මාණය වී ඇත්ද යන්නයි. ඇයගේ මෙම අබිරහස් සටහන් දෙස බලන බොහෝ දෙනා පවසන්නේ මෙය ඇයගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීමක් ගැන ඉඟි කරන බවයි. ඇතැම් ගොසිප් වෙබ් අඩවි වාර්තා කරන්නේ ඇය සහ ඇයගේ සහකරු අතර යම් විරසකයක් ඇති වී තිබෙන බවත්, ඇය මෙම සටහන් හරහා ඒ බව වක්‍රව පවසන බවත්ය.
‘That made me enjoy being single again” මේ ඇය එක් කල එක්තරා සටහනක්
ඒ වගේම ඇය තවත් වීඩියෝ එකක් සමාජගතකරමින් පවසා සිටියේ ” හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි උන් !!!
යනුවෙන්.
නමුත් ඇය මෙම සටහන පල කර ඇත්තේ තමන්ගේ අතේ SCRIPT (පිටපත) අතැතිවයි. විටෙක එය ඉදිරියට එන අලුත් නාට්‍යයක තිර පිටපතක සටහනක් ද විය හැකියි.














