හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාහට අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත ඇප ලබාදෙන ලෙස නියෝග කර තිබේ.
ඒ, සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජිත සේනාරත්න මහතාව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් අත්හිටවූ අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.
තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින රාජිත සේනාරත්න මහතා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය මගින් නියෝග කර තිබේ.
පෙර පුවත්
රාජිත ලබන 30 දක්වා රිමාන්ඩ් (Update)
දිලිනි සමන්මලි