27 April 2024
#දේශීය

රාජිත සේනාරත්න රටින් පලායාමේ උත්සාහයක…

අධිකරණයෙන් ඇප හිමි වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේෙ අනුරාධපුර ප්‍රදේශයේ‍ෙ පැවති මාධ්‍ය හමුවකදයෙ.

තව දුරටත් ඔහු කියා සිටියේ, මීට පෙර අවස්ථාවක දී හිටපු ඇමති රාජිත සේනාරත්න කළ දූෂණ හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බව ය.

දැනට ඔහුගේ අසනීප තත්ත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇතැයිද ජයසුමන මහතා කියා සිටියේය.

යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කරන පරීක්ෂණ වලින් අනතුරුව මෙවන් පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

* Written By : Janith Vipulaguna

Leave a comment

Your email address will not be published. Required fields are marked *