හිටපු කථානායක හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ බිරිඳ (වෛද්‍යවරියක) අනතුරට ලක් කරමින් බීමතින් රිය පැදවූ බව කියන ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ප්‍රධාන ගිටාර් වාදකයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (20) නියෝග කළේය.
කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය මෙහිදී පියවර ගත්තේය.
බියගම පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට පැමිණ ඇති බවයි. සැකකරුට නුගේගොඩ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පෙනී සිට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වැඩිදුර නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 08 වන දිනට කල් තැබීය.














