හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ කොළඹට නුදුරු නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීති විරෝධී ලෙස පුද්ගලයින් පිරිසකට පවරා දීම සඳහා අනුමැතිය ලබා දෙමින් ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදු කර ඇත. මේ පිළිබඳව වන ලිඛිත දැනුම්දීම පසුගිය සිකුරාදා (06) ඔහු වෙත යවා ඇති බව වාර්තා වේ.
.













