8 September 2024
#දේශීය #පුවත්

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියමව සිටින හිටපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප ඉල්ලීම සලකා බැලීම 2024 ජූලි 11 වැනිදාට කල් තැබිණි.

ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය අද දින විභාගය කල් තැබීය.

එහිදි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනුකිරීම සඳහා කල් ලබා දෙන ලෙසත්ය.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප අයැදුම්පත විභාගයට ගැනීම කල් තැබීය.

2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් ජුනි 28 වැනිදා වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *