පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (12) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවලට පස්වරු 2:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.














