8 September 2024
#දේශීය

හෙද නිලධාරිනි ඇතුළු තිදෙනා ආසාදිතයින් නොවෙයි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද(06) පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහි දී  වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ දී රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු නමුත් ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස අද වන විට තහවුරු වී ඇති බවය.

කෙසේ වෙතත් අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් ඔහු  වැඩිදුරටත් කියා සිටියේය.

අද දිනයේ වැලිසර හමුදා නාවික කඳවුරේ සෙබළුන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *