• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම හදිසි තත්ත්වයකට සෞඛ්‍ය සේවාව සූදානම් කරයි

6 May 2020
in දේශීය

ඉදිරියේ දී ඇඳිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමඟ ඉදිරි කාලය තුළ දී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද මුලික වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඒ වසංගතය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද (6) රැස්වු අවස්ථාවේ ය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී මෙම කමිටුව රැස්ව ඇත.

වෛරසය සම්බන්ධව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතුවලට අදාලව අවශ්‍ය අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදවා ගැනීමටත් ඔවුන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවත් සාකච්ඡා මෙහිදී සාකච්ඡා වී ඇත.

තව ද ග්‍රාමීය, දිසා හා මුලික රෝහල්වල සේවය කරන සහ අවධානම් රාජකාරියේ යෙදෙන සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල හිඟයකින් තොරව ලබාදීමටත්, වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා දැනට සිදු කරනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරිමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡාවට ලක්විය.

ඉදිරි කාලය තුල ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙස ජනතාව දැනුම්වත් කිරීමට  කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Post Views: 10
Previous Post

කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්

Next Post

හෙද නිලධාරිනි ඇතුළු තිදෙනා ආසාදිතයින් නොවෙයි !

editor

editor

Next Post

හෙද නිලධාරිනි ඇතුළු තිදෙනා ආසාදිතයින් නොවෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved