තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේ අක්කර පහක පමණ අනවසර බඩඉරිඟු හේනක අටවා තිබූ මර උගුල් (මදු) 121ක් සහ බඳින තුවක්කු 20ක් සොයාගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව තිබේ. පල්ලංකූලම වැව ආසන්නයේ පිහිටි මෙම වගාබිම තුළ සිදුකළ වැටලීමේදී, එක් දිනකදී එක් වගාබිමකින් සොයාගත් වැඩිම මර උගුල් ප්‍රමාණය මෙය බව වාර්තා වේ. හේන් ගොවිතැන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් දඩමස් ජාවාරමේ නිරත වූ බවට සැකකෙරෙන කහපත්විල ප්‍රදේශයේ පදිංචි 36 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.














