මස් සඳහා ඝාතනය කිරීමට නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට අද (09) අලුයම් කාලයේදී පොලිසිය වෙඩි තබා ඇති අතර, එහිදී ගවයින් 14 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු බලපිටිය මහකරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ සංක්‍රමික යතුරුපැදි ඒකකය විසින් පොලිස් අණ නොතකා ධාවනය වූ මෙම ලොරි රථය කිලෝමීටර් 10ක් පමණ හඹා ගොස් වෙඩි තබා නතර කරගැනීමට සමත් වී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් එම ලොරි රථය තුළ ගෙල කපා ඝාතනය කරන ලද එළ ගවයෙකු සිට ඇති බව පොලිසිය පවසයි. ඉතිරි ගවයින් අතර එළ ගවයින් 10ක් සහ මී ගවයින් 4ක් සිට ඇති අතර, ඒ අතර පැටවුන් 4 දෙනෙකු ද සිටින බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.













