වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඔටිසම් සහිත දරුවන්ගේ වාර්තා වීම් දෛනිකව ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අවධාරණය කළාය.
2009 වසරේ දී සිදුකළ සමීක්ෂණයකදී ළමුන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, මෙම තත්ත්වය ලෝක ව්‍යාප්තවම වැඩි වීමක් පෙන්වන බව ඇය පෙන්වා දෙයි. මෙරට ක්‍රමාණුකූල සමීක්ෂණ නොකෙරුණත්, දැන් යළිත් මෙ පිලිබද අවධානය යොමුව ඇති බව ඇය පවසා සිටියි. එමෙන්මවර්තමානයේ ශ්‍රී ලංකාවේ ඔටිසම් සහිත දරුවන්ගේ වාර්තා වීම් දෛනිකව ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අවධාරණය කළාය.
2009 වසරේ දී සිදුකළ සමීක්ෂණයකදී ළමුන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, මෙම තත්ත්වය ලෝක ව්‍යාප්තවම වැඩි වීමක් පෙන්වන බව ඇය පෙන්වා දෙයි. මෙරට ක්‍රමාණුකූල සමීක්ෂණ නොකෙරුණත්, දැන් යළිත් මෙ පිලිබද අවධානය යොමුව ඇති බව ඇය පවසා සිටියි. එමෙන්ම ලෝකයේ පවතින ප්‍රවණතාවයට අනුව අපේ රටේද ඔටිසම් සහිත දරුවන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී” යනුවෙන් ඇය පැහැදිළි කළාය.
මීට අමතරව, මෙම තත්ත්වය ඉතා මුල්ම අවධියේදීම හඳුනා ගැනීමේ වැදගත්කම ගැන ඇය අවධාරණය කරමින්, “අවුරුදු දෙකහමාරේ සිට අවුරුදු පහ දක්වා වයස් කාණ්ඩය තුළ නිසි මැදිහත්වීම් සිදුකළහොත්, මෙම දරුවන්ගෙන් 90%කට ඉහළ ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකිය” යැයි ඇය ප්‍රකාශ කළාය.
ළමා ඔටිසම් තත්ත්වය ඉක්මනින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවය ගැන මෙම හමුව ඔස්සේ අවධානය යොමු විය.