නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමුළුවට සහභාගී වීමට පිටත්ව යයි
ලොව පුරා ළමා ශ්‍රමිකයන් මිලියන 138ක්!
ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් වූ 6 වැනි ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මොරොක්කෝව බලා පිටත්ව ගොස් තිබේ. මොරොක්කෝ රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක්ව සංවිධානය කරනු ලබන මෙම සමුළුව හෙට (11) සිට 13 වැනිදා දක්වා මරාකෙෂ් නගරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තීරණාත්මක සමුළුව සඳහා ලොව විවිධ රටවල සේවායෝජකයන්, සේවාදායකයන්, සිවිල් සමාජ සංවිධාන, පුද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම විෂයය ප්‍රාමාණිකයින් රැසක් එක්වීමට නියමිතව ඇත.
ලෝක මට්ටම: ලොව පුරා රටවල ළමුන් මිලියන 138ක් පමණ ළමා ශ්‍රමිකයින් ලෙස හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාව: මෙරට ළමා ශ්‍රමය සමස්ත ළමා ජනගහනයෙන් 1%ක ප්‍රතිශතයක පවතින අතර එය තවදුරටත් අවම කිරීමට රජය පියවර ගනිමින් සිටියි.
ඉතිහාසය: ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ ප්‍රථම ගෝලීය සමුළුව 1997 වසරේදී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පවත්වා ඇත.














