• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර පන්විල, වටකැලේට අක්කර 03 ක පළතුරු වත්තක්

9 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරිසරය විනාශ කිරීම සිය දිවි නසා ගැනීමක් හා සමාන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ බව ඒ මහතා සදහන් කර සිටියේ 74 වන නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ රුක්රෝපණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් (7) සහභාගී වු අවස්ථාවේදී අදහස් දක්වමිනි.

ආදර්ශ පළතුරු වනාන්තර ව්‍යාපෘතියක් වශයෙන් පන්විල, මඩොල්කැලේ දුෂ්කරතා සහිත ගමක් ලෙස සලකන වටකැලේ ප්‍රදේශය මූලික කර ගනිමින් දිගු කාලීන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ ප්‍රථම පැල කිහිපය මිහිකතට එක් කරමින්, ඒ සදහා වන ජලය සැපයුම විවෘත කිරීම ද මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයාගේ අතින් සිදු වු අතර, වැඩසටහන් සමාරම්භය සුන්දාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහගොඩ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මධ්‍යයේ පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී සෙනෙවිරත්න, පන්විල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු මහජන නියෝජිතයින්, පන්විල ප්‍රාදේශීය ලේකම් නිරන්ජන් ශ්‍රීමන්ත සේනාදීර, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ජී.කේ.ජී.ටී.ඩී. ගෙදරකුඹුර යන මහත්ම මහත්මීන් සහ අනෙකුත් ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලයන්හී සමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වු අතර, මෙහිදී සමෘද්ධිලාභීන් වෙත පැල බෙදාදීමක් ද සිදුවිය.

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් දහසක වටිනාකමෙන් යුත් පැල සියයක් අක්කර 03 ක භූමියක් පුරා මුල් අදිරයේදී රෝපණය කිරීමට නියමිත අතර, එම පැල සදහා දායකත්වය මධ්‍යම පළාතේ අනෙකුත් ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩල විසින් දරා ඇති අතර වැඩසටහන අධීක්ෂණය මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, පරිසරයට සැබැවින්ම ආදරය කරන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වන ගහණය වර්ධනය කිරීමේ සැබෑ උවමනාවෙන් සැලසුම් සදා ඇති බවත් ඒ සදහා හැකි ශක්ති ප්‍රමාණයෙන් අප කටයුතු කළ යුතු බවත් පරිසරය සැමට එක හා සමානව සලකන බවත් පරිසරය ජාති ආගම් ආදී භේදයන් කිසිවක් නොසලකන බවත් එනිසා එය රැකගැනීමේදීද කිසිදු භේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළ අතර වන සතුන්ගෙන් වගාවන් වලට හානි සිදුවූවත්, ඔවුන්ද පරිසරය පද්ධතියේම කොටසක් වන බැවින් ඒවා සතුන්ටද හිමිකමක් ඇති බවත්, මිනිසුන් විසින් සීඝ්‍ර ලෙස වනාන්තර එළිකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අවස්ථා වලදී සතුන්ට ආහාර නොමැති කම හේතුවෙන් ගම් වදින බවය. තම නිල නිවසේ පළතුරු සහ පොල් පැල සිටුවීමට කටයුතු කර ඇති බවත්, තම තමන්ට හැකි අයුරින් රුක් රෝපණයන් සිදුකර පරිසරය රැක ගැනීම සදහා කටයුතු කළ යුතුව පවතින බවත්, දරුවනගේ ආකල්ප සංවර්ධනය කරමින්, අනාගත පරපුර රටට, දැයට පරිසරයට හිතැති පරපුරක් වශයෙන් සංවර්ධනය කිරීම කළ යුතුව පවතින බවත් පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

මෙහිදි පළාත් ආණ්ඩුකාරවරයා සිදුකරන සේවය අගය කරමින් ලක්ෂ්මන් කරුණාතිලක මහතා විසින් දැවයෙන් නිමකළ ලාක්ෂා නිර්මාණයක් සමරු තිළිණයක් වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීමද සිදුවූ අතර වසර ගණනක් තිස්සේ කාබනික වගාවට යොමුවූ ජයපාල මහතාගේ වගාව නිරීක්ෂණයට භාජනය කරන ලදි.

 

 

මහේෂ් කිර්තිරත්න

Post Views: 3
Previous Post

පරිසරයට එරෙහි නොවෙමින් සංවර්ධන කටයුතු සිදුකිරීමට වග බලා ගත යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න සුදානම් වන්න – ඇමැති විමල්

editor

editor

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න සුදානම් වන්න - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved