• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COP 28 සමුළුවට විශේෂ යෝජනා 03ක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි

1 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය 29 වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇති බව ද අලි සබ්‍රි මහතා සඳහන් කළේය.‍

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමැතිවරු තිදෙනෙක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු දෙදෙනක් සහභාගී වන බවයි. එසේම රජයේ වියදමින් තොරව තරුණ නියෝජිතයන් විසි දෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා මාධ්‍ය කණ්ඩායමක් ඊට එක්වන බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලි සබ්‍රි මහතා “ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම මිත්‍යාවක් බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරනවා. නමුත් එය මිත්‍යාවක් නෙමෙයි. පරිසර විනාශය දිගින් දිගටම සිදුවුවහොත් ලෝකයේ පැවැත්මට හානි සිදු වෙනවා. කාර්මික විප්ලවයට පෙර ඇති කරගත් සම්මුතියකට අනුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව වාර්ෂිකව පැවැත්වෙනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලින් බලපෑමට ලක් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් බව කිව යුතුයි. නිවර්තන කලාපයේ වැසි වනාන්තර පිහිටා තිබීම මෙන්ම විවිධ වූ ස්වභාවික විවිධත්වයන් පෝෂණය කරනවා. නිවර්තන කලාපයේ රටවල් 136 ක් තිබෙනවා. ලෝක ජනගහණයෙන් 40%ක් එම රටවල ජීවත් වෙනවා. පරිසර දූෂණය සිදුවන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. කාර්මික විප්ලවය සිදු කරන රටවල්වලට වඩා පරිසර දූෂණයේ බලපෑම ඇතිව තිබෙන්නේ කාර්මික විප්ලවය අවම වශයෙන් සිදුකරන රටවල් වලටයි. එම නිසා මෙවර සමුළුවට ප්‍රතිපත්තිමය වශයෙන් වූ නව තීන්දු තීරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව ඇතුළු ආපදාවන්ට මුහුණ දෙන රටවල් සියල්ල ඒකරාශී වී කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීම මෙන්ම පරිවර්තනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය ආයෝජනය ජාත්‍යන්තර ප්‍රජාව තුළින් ලබාදිය යුතු බවටත් වන මැදිහත් වීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව නායකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක කරන දේශගුණික යුක්ති සංසදය තුළින් දේශගුණික විපර්යාස අඩු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, එකිනෙකා සතුව තිබෙන අදහස් හා යෝජනා හුවමාරු කිරීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළින් අවශ්‍ය ආයෝජනයන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නිවර්තන තීරයේ රටවල් කිහිපයක් දැනටමත් එයට සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. එසේම ජනාධිපතිතුමාගේ උපදෙස් මත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවට අප ඉදිරිපත් කරනවා. මෙවර සමුළුවට වැඩියෙන්ම යෝජනා ඉදිරිපත් කරන රට බවට ශ්‍රී ලංකාව පත්විය හැකියි. සමුළුවට ඉදිරිපත් කරන යෝජනා කට වචනයට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව අපගේ විශ්වාසයයි යැයි අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

නොච්චියාගම ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට

Next Post

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

editor

editor

Next Post

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved