• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් – ජනපති

13 May 2024
in දේශීය, පුවත්
රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් – ජනපති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් පළමුවැන්න ලෙස මහබැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන්ද සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලුදෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද කියා සිටියේය.

සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.

‘අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ අද විශේෂ දිනයක්. අද අප ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන්දිනය සමරනු ලබන්නේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ විශාල සටනක ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අප එම වැඩකටයුත්ත සාර්ථකව ඉටුකර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර පසුව එය දියුණු කිරිමට කටයුතු කළහැකියි. අපේ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ජීවිත කතාවේ ප්‍රධාන කොටසක් බවට මෙම විශ්වවිද්‍යාලය පත් වෙනවා. හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා ඉගැන්වීමට ද මෙම විශ්වවිද්‍යාල මගින් කටයුතු කළයුතුයි. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, කොරියන්, චීන ඇතුළු සෑම භාෂා දැනුමක්ම මෙහිදී ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබු විට හෙදියින්ට විදේශ රටවල සේවා අවස්ථා ලබාගත හැකියි. විශේෂයෙන් එංගලන්තය සහ ජර්මනිය වැනි රටවල වැඩිහිටියන් සඳහා නිවාස ඇති කර තිබෙනවා. ඒ වගේම ලංකාවෙත් එවැනි ආයෝජන අවස්ථා පිළිබඳ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් කටයුත්තක් වෙනවා. අද මෙහිදී භාණ්ඩාගාරය පිළිබඳ කථා කළා. භාණ්ඩාගාරය පිළිබඳ කථා කරන විට මට සිහිපත් වන්නේ අලගියවන්න මුකවේටි කවියාගේ කොන්ස්තන්තීනු සටනයි. දා සා වගේ සෑම පැත්තෙන්ම දැන් වට කරගෙන ගහනවා. කෙසේ නමුත් අප භාණ්ඩාගාරය රැකගෙන ඉදිරියට යා යුතුයි. කෙසේ හෝ මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ඒ වගේම රට තුළ මන්දපෝෂණය පැතිර යාම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා. දිළිදුකම සහ මන්දපෝෂණය නිසා අතැම් දරුවන්ගේ වර්ධනය සිමා වී තිබුණා. මෙම තත්ත්වය අනාගතයේදී විශාල බලපෑමක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට සිදු වුණා. අපි ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමග සාකච්ඡා කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් අස්වැසුම හරහා ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමුවා. ඒ අනුව මූලික වශයෙන් මෙම අංශය වෙනුවෙන් මුදල් වැය කිරිමට සිදු වුණා. ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා. පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ මම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේදී මීට වඩා ආර්ථික දියුණුවක් රට තුළ ඇතිකරගත යුතුයි. එම ආර්ථික වර්ධනය ඇති කර නොගතහොත් අපට මෙම ඉලක්කයන්ට යාම අසීරු වෙනවා. දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි. ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි. එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව කිවයුතුයි. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා. ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රදා පවතින්නේ.

විශේෂයෙන් අද අපේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළයුතුව තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩි වී තිබෙනවා වගේම මන්දපෝෂණය වළක්වා ගැනීමට කටයුතු කළයුතුව වෙනවා. ඒ සඳහා ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් ඇති කළයුතුයි. එක් එක් පක්ෂවලින් එකතුකරගෙන අපි ආණ්ඩුවක් නිර්මාණය කළේ මේ රට ගොඩගැනීමටයි. අද අප එය ඉටු කර තිබෙනවා. දැන් රට ඉදිරියට ගෙන යන මෙම ප්‍රධාන නීති 03 ඉදිරිපත් කර ජූනි මාසයේ ඒ පිළිබද විවාදයක් සිදු කරනවා. මම සිතනවා සියලුදෙනා මේ සමග එකඟ වෙයි කියලා. කිසිවෙක් මීට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒසේ නම් අප මෙම නව නීති සම්මත කරගෙන රට දියුණු කරමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරිමට අවශ්‍යයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‍, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 13,015
Previous Post

සජිත් කරපු අවිධිමත් වැඩ ගැන ඇමැති ප්‍රසන්න කියයි

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved