• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් කරපු අවිධිමත් වැඩ ගැන ඇමැති ප්‍රසන්න කියයි

12 May 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලයි.

මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.

මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි. තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යට‍තේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 21,782
Previous Post

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර සඳහා වැය වන්නේරුපියල් බිලියන 26ක් බව ඇමැති සුසිල් කියයි

Next Post

රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් – ජනපති

රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved