27 April 2024
#දේශීය

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

පුගෝඩ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරුක් මත අවිස්ස්වේල්ලේ නිවසක් තුළ නිදන් හරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේදී සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැණිම් සඳහා උපයෝගි කර ගත් උදලු කිහිපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් හා භාණ්ඩ අද (28) අවිස්සාවෙල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධියට අදාළ අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *