8 September 2024
#දේශීය

පාර්ලිමේන්තුව ලබන 07 වනදා තෙක් කල් තබයි

අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද(03) දහවල් 01ට යළි රැස්විය. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

සභාවේ කටයුතු ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය. ඒ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙනි. කෙසේ වෙතත් වරුණ ලියනගේ මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය. 

පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත් කර තිබේ. 

විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර ඇත.

පාර්ලිමේන්තුව එළඹෙන ජනවාරී මස 7 වන අඟහරුවාදා දින සවස 1 දක්වා කල් තබා තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *