27 April 2024
#දේශීය

සමාජ මාධ්‍ය අද රටේ තීන්දු ගන්න තත්ත්වයට වැටිලා – සුදර්මන් කියයි

අද රටේ තීන්දු තීරණ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන ප්‍රකාශ වලින් තීරණය වීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව සුදර්මන් රදලියගොඩ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය ඒ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ තමා ස්වාධින රූපවාහිනියේ සේවයේ ස්ථිර සේවකයෙකු බවයි. තමාව අත්තනෝමතිකව 2015 වසරේදී සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව කම්කරු අධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් එහිදී ආයතනය විසින් එකඟතාවයකට පැමිණි බව ද රදලියගොඩ මහතා පැවසිය.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා 1999 වසරේදී ස්වාධින රූපවාහිනි සේවයේ සම්මුඛ පරික්ෂණයක් මගින් සේවයට බැදුනු බවයි. එසේම නැවත 2004 වසරේදී පවත්වන ලද සම්මුඛ පරික්ෂයෙන් පසුව තමා නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීම් ලැබු බවත් එම පත්වීම් සියල්ල දේශපාලන පත්වීම් නොවන බව ඔහු අවධාරණය කළේය.

2015 වසරේදී එවකට ජනාධිපතිවරයා ලෙස පත් වු මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධව ප්‍රවෘත්තියක් විකාශනය වීම සම්බන්ධයෙන් චෝදනා ලැබු අතර එම නඩුවේදී තමා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බව ඔහු කියා සිටියේය. නමුත් 2017 වසරේදී අදාළ නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කල බවත් තමාට එරෙහිව කිසිදු දුෂණ චෝදනාවක් නොමැති බව රදලියගොඩ මහතා අනාවරණ කළේය.

එසේම තමාව සේවයේ අත්හිටුවීමට කිසිදු චෝදනාවක් නොමැති බවත් ඒ අනුව තමා විසින් හිඟවැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස කම්කරු අධිකරණයේ නඩුවක් ගොනු කල බවත් එහිදී ආයතනය එකඟතාවයට පැමිනි බව හෙතෙම කියා සිටියේය.

ස්වාධීන රුපවාහිනි සේවයේ නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ දිනයෙන් පසුව තමාට දෙසැම්බර් 27 නැවත සේවයට වාර්තා කරන ලෙස ස්වාධින රූපවාහිනි ආයතනය මගින් දැනුම් දුන් නමුත් පසුව සමාජ මාධ්‍ය මගින් තමාව ඉවත් කර ඇති බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී තමාට සාධාරණ පිළිතුරක් ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බව සුදර්මන් රදලියගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *