27 July 2024
#දේශීය

ගෝඨාභය ජනපති කරවන පලමු රැස්වීම් 09 වනදා අනුරාධපුරේදී

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවන පලමු රැස්වීම ඔක්තොම්බර් 09 වනදා සවස 02 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියළු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිත බවයි.

ලබන නොවැම්බර් 17 බලයට පත්වී පළමු පැයේ දී ම කෘෂි ආර්ථිකය වැවිලි ආර්ථිකය අපනයන නිෂ්පාදන වෙළඳපල දියුණු කිරීම සඳහා සියලූම පියවර ගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වෙනකොටත් පැහැදිලිව සඳහන් කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *