27 April 2024
#දේශීය

මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ පසු ගිය දා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රි ලංකා පොලීසිය මගින් ලබාදුන් තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ ආරක්‍ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.

කොළඹ වරාය වෙත රැගෙන එන මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

 

 

 

Sri Lanka Navy seized another foreign fishing vessel, carrying a large consignment of narcotics, with 09 suspects in international waters recently. This capture was made possible by a special operation carried out after days of continuous surveillance in the high seas south of Sri Lanka.

The special operation was carried out based on information provided by Sri Lanka Police and the seized drug-carrying vessel along with 09 foreign nationals is being escorted to the port of Colombo by Sri Lanka Naval Ship (SLNS) Sindurala.

 

The vessel loaded with narcotics and 09 suspects will be brought to the Colombo harbour shortly and they will subsequently be handed over to the Police Narcotic Bureau for onward investigation and legal action.

Leave a comment

Your email address will not be published. Required fields are marked *