බටහිර සුඩානයේ මාරා කඳුකරයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 1,000 ක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
දින ගණනක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඉකුත් ඉරිදා මෙම නාය යාම සිදුවුනා.
එක් අයෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ටරාසින් ගම්මානය නායයෑමන් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
යුද්දය හේතුවෙන් උතුරු ඩාර්ෆූර් ප්‍රාන්තයේ බොහෝ පදිංචිකරුවනට මාරා කඳුකර කලාපයේ රැකවරණය ලබා දී තිබු බවයි වාර්තා වන්නේ.
තවමත් පස් හා සුන්බුන් යට වැළලී සිටින මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩ ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන වලින් ඔවුන් උපකාර ඉල්ලා තිබෙනවා.
නායයෑම සිදු වූ ප්‍රදේශය ඇතුළුව ඩාර්ෆූර්හි බොහෝ ප්‍රදේශ – අඛණ්ඩ සටන් හේතුවෙන් ජාත්‍යන්තර ආධාර සංවිධානවලට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි බවයි වාර්තා වන්නේ.
ඒවගේම යුද්දය නිසා හදිසි මානුෂීය ආධාර ලබා දීම දැඩි ලෙස සීමා කර තිබෙනවා.
නායයාම සිදුව ඇත්තේ ඉකුත් 31 වනදා වුවත් ඒ සම්බන්ධයෙන් නිල වාර්තා නිකුත් වී ඇත්තේ අදයි.