• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

15 March 2024
in දේශීය, පුවත්
2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ 2022 වසරේ දී නව පනත් 29 ක් සහ 2023 වර්ෂයේ දී නව පනත් 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව නව පනත් සහ සංශෝධිත පනත් සමස්ත සංඛ්‍යාව 107ක් වනවා. මෙය අධිකරණ අමාත්‍යාංශයේ ඉතිහාසයේ සංශෝධනය කර ගැනීමට හැකිවූ වැඩිම පනත් සංඛ්‍යාව ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම බන්ධනාගාරවල සිටින රැදවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මකයි. සපත්තු, කොයිල් සහ ආහාර මෙමඟින් නිෂ්පාදනය කෙරෙනවා. එමෙන්ම දඩුවම් කාලයේදී නිවාස අඩස්සියේ රැඳවා තැබීම හරහා දඩුවම් කාලය අවසන් කරන්නේ (House arrest concept) කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. එය 2024 වසරේ දී නිතීයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් බන්ධනාගාර තදබදය සහ ආහාර ගැටළුවට විසඳා ගැනීමට හැකි බව සඳහන් කල යුතුයි. මේ වන විට රැඳවියන් සඳහා වසරකට රුපියල් බිලියන 04ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. රැදවියන් 12,000ක් සිටිය යුතු බන්ධනාගාර තුළ මේ වන විට රැදවියන් 30,793ක් සිටිනවා. මේ ගැටලුව විසඳීම සඳහා ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතයි. තව ද 2023 වර්ෂයේ දී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2024 වර්ෂය සඳහා අපේක්ෂිත ලාබය රුපියල් 92572967.00ක් වනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා යොමු වී බන්ධනාගාරගත කර සිටින රැදවියන් සඳහා නිවැරදි පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට මෙන්ම නිපුනතාවයක් ලබාදිය යුතු වනවා. ඒ සඳහා පැවති ප්‍රජාවිශෝධන ක්‍රමවේදය වඩාත් සක්‍රීය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදුකල වැඩසටහන් සඳහා 2023 වසරේ දී පුද්ගලයින් 14,026ක් යොමු කළා. එම ප්‍රමාණය 2024 වසරේ දී 15,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගර සඳහා යොමු කර සිටින රැදවියන් පුනරුත්තාපනය කිරීමට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි 22ක් සහ අක්කර 22ක භූමි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ අක්කර 06කින් යුත් කාන්තා පුනරුත්තාපන ඒකාබද්ධ මධ්‍යස්ථානයක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. තවද අධිකරණය සහ මහජනතාව සමඟ සහසම්බන්ධතාවය වර්ධනය කිරීමට සෑම ග්‍රාමසේවා වසමකම සංහිඳියාව සඳහා කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සර්වාගමික උපදේශක මණ්ඩල පිහිටුවීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බෝවන රෝග සඳහා වෙන්කර තිබූ මඩකලපුව මාන්තිව් දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවය පළකර තිබෙනවා. එය පුනරුත්ථාපන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා යැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,530
Previous Post

I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

Next Post

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

editor ttvnews

editor ttvnews

Next Post
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025

Recent News

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved