27 April 2024
#දේශීය #පුවත්

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මීට පෙරාතුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ විසින් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති ද එළිදක්වා තිබේ.

පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *