27 April 2024
#දේශීය

තෑපෑල 11 වැඩ කරන්න බැහැලු

වසර 12 ක් සිට ශ්‍රේණිගත කිරීම්, උසස් කිරීම්, බඳවා ගැනීම්, වැටුප්තල අහිමිකළ බඳවා ගැනීම් පරිපාටිය නිසා තැපැල් සේවකයින් 25,000 ක් පමණ දැඩි පීඩනයකට ලක් කර ඇති බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.

එම සංගමය තැපැල් අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ පාලක මණ්ඩලයක් හරහා තැපෑල පෞද්ගලීකරණය සඳහා සිය පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි.

වසර 12 ක් සේවා ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් ගැටළු විසඳන ලෙසත් තැපෑල විකුණා දැමීමේ කටුයතු හකුලා ගන්නා ලෙසත් බල කරමින් 11 වනදා දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.

ලංකා තැපැල් සේවා සංගමය විසින් තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය පහත පරිදි වේ.

2018-06-07

තැපැල් අමාත්‍යාංශ ලේකම්,
තැපැල් අමාත්‍යංශය,
ඞී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10.

Secretary of Postal Ministry,
Ministry of Postal,
DR. Wijewardene Mawatha,
Colombo 10

2018 ජූනි මස 11 වන දින වැඩ වර්ජනය දැනුම් දීම සඳහා

වසර 12 ක් සිට ශ්‍රේණිගත කිරීම්, උසස් කිරීම්, බඳවා ගැනීම්, වැටුප්තල අහිමිකළ බඳවා ගැනීම් පරිපාටිය නිසා තැපැල් සේවකයින් 25,000 ක් පමණ දැඩි පීඩනයකට ලක් කර ඇත. මෙම ගැටළු විසඳා ගැනීම සඳහා ලංකා තැපැල් සේවා සංගමය මෙන්ම තැපෑලේ වෘත්තීය සමිති උද්ඝෝෂණ, පා ගමන් හා වෘත්තීය ක‍්‍රියා මාර්ග හරහා ඇමතිතුමා ඇතුළු පාලනයට කොපමණ බලපෑම් කළත් ඔබතුමන්ලා බොරු කරමින්, මඟ හරිමින් සිටී. ඔබතුමන්ලා අප ඉදිරිපත් කරන ගැටළු විසඳනවා වෙනුවට එ්වා දඩමීමා කර ගනිමින් පාලක මණ්ඩලයක් හරහා තැපෑල පෞද්ගලීකරණය සඳහා සිය පිඹුරුපත් සකස් කරමින් සිටී. වෘත්තීය සමිති වලට, සේවකයින්ට හොර රහසේ මහජන තැපැල් සේවය විකුණා දැමීමට සකස් කළ පාලක මණ්ඩල යෝජනා කැබිනට් මණ්ඩලය දක්වා ගෙන ගොස් ඇත. මෙම කරුණු මුල් කරගනිමින් වසර 12 ක් සේවා ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් ගැටළු විසඳන ලෙසත් තැපෑල විකුණා දැමීමේ කටුයතු හකුලා ගන්නා ලෙසත් බල කරන 2018 ජූනි මස 11 වන දින සවස 4.00 ට තීන්දු කර ඇති වැඩ වර්ජනය අප සංගමයද ක‍්‍රියාත්මක කරන බව දන්වා සිටිමු.

ස්තූතියි.,

මෙයට,
තැපෑලේ උන්නතිය පතන

සභාපති
ජගත් මහින්ද
ලංකා තැපැල් සේවා සංගමය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *