• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ – ඇමැති වෛද්‍ය රමේෂ්

23 March 2024
in දේශීය, පුවත්
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ – ඇමැති වෛද්‍ය රමේෂ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර ගනිමින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊ යේ (22) දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිනි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, යුනිලීවර් සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ දන්ත කදවුර මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 2000 අධික පිරිසකගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂාව හා මුඛ සෞඛ්‍ය පිළිබද පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබිණ .

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝගය බවට දන්ත රෝගය පත්ව තිබෙන බව වෛද්‍යවරුන් මෙම ස්ථානයේදී හෙලි කල බවත්, දරුවන් හා මැදිවියේ වයස් ගත වන ජනගහනය අතරෙත් මේ දන්ත රෝග නිසා විශාල පීඩාවකට ලක් වන බව අමාත්‍යවරයා පැවසිය.

ජීවිතයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වාම මනා දන්ත සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත් කාරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මුඛ පිලිකා වලින් ලංකාවේ විශාල පිරිසක් දුක්විදින බව කියා සිටියේය.

විශාල මුදලක් රජය විදිහටත්, පුද්ගලයන් විදිහටත් ඊට වැය කරන බවත්, ජනතාව දැනුවත් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවද පැවසීය. බුලත්විට සැපීම හරහා දුම්කොළ, හුණු, පුවක් වල තිබෙන යම් යම් පිළිකා කාරක ද්‍රව්‍යය අවගේ සෞඛ්‍ය පද්ධතියට අති විශාල හානියක් සිදුකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අයහපත් සිරිත් වලින් බැහැර වී යහපත් පුරුදු ඇති කර ගන්නට මෙවැනි වැඩමුළු ඉතා වැදගත් වන බවත් දරුවන් කුඩා කාලයේ සිටම දැනුවත් කිරීම ද, ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ, ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ, ලෝක මුඛ සෞඛය දින අනු කම්ටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක, පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශ්‍යාමා වන්නිනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආනන්ද රත්නායක , යුනිලීවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා යන මහත්ම මහත්මීන්ද , පෙර පාසල් ගුරුවරුන්, පාසල් දරුවන් , ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 6,589
Previous Post

විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය – රාජ්‍ය අමාත්‍ය ලසන්ත

Next Post

පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනපති අතින් ජනතා අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනපති අතින් ජනතා අයිතියට

පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved