• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටට විශාලම බදු ආදායම ගෙන රේගුවට අධිකාරිවරුන් 134 ක් බඳවා ගැනේ

19 June 2019
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රේගු දෙපාර්තමේන්තුව යනු රටට ප්‍රධාන බදු ආදායම ලබා දෙන ආයතනය පමණක් නොව නීති විරෝධී අවි ආයුධ, අන්තරායකර ඖෂධ සේම නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැලැක්වීම ප්‍රමුඛ ආයතනය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) මුදල් අමාත්‍යාංශයේ දී රේගු දෙපාර්තමේන්තුවට නව සහකාර රේගු අධිකාරීවරුන් 134 දෙනෙකු බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමින්. පැවැත්විණි.

12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් තෝරා පත් කර ගැනුණු මෙම උපාධිධාරීන් පිරිස දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තේරීපත්ව සිටීම විශේෂත්වයකි.

එහි දී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා “රටේ ආර්ථිකයේ මෙන්ම ආරක්ෂාවේත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන ආයතනයක් විදියට හඳුන්වන්න පුළුවන් රේගු දෙපාර්තමේන්තුවට අලුතින් එක්වූ සියලුම නවක නිලධාරීන් මා මහා භාණ්ඩාගාරය වෙත සාදරයෙන් පිළිගන්නවා.

මේ පත්වීම්වලට කිසිදු දේශපාලනයක්, ජාතියක් හෝ ආගමක් බලල නෑ. හැකියාව අනුවයි මේ පත්වීම් ලබා දීල තියෙන්නෙ. ඒ නිදහස අපි රේගුවට පමණක් නොවේ බොහෝ රජයේ ආයතනවලට අපි දීල තියෙනවා. මීට කලින් යුගයක මේ පත්වීම් දුන්න නම් 90%ක් ම ඉන්න ඕනෙ මාතර අයයි. මම දන්නෙ නෑ මෙතන මාතරින් කී දෙනෙක් ඉන්නව ද කියලවත්.

අද දින සේවයට එක්වන රේගු නිලධාරීන් 134 දෙනා ද ඇතුළුව විවිධ මට්ටමේ රේගු සේවයේ සිටින මාණ්ඩලික නිලධාරීන් සංඛ්‍යාව මේ වෙනකොට 1400ක් ඉක්මවා යනවා. අවුරුදු 200 ටත් වඩා පැරණි රේගු දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට බදු ආදායම් ලබාදීමේ දී සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ඨ කරනවා. 2018 රටේ මුළු බදු ආදායමෙන් 54% ක් වන රු. බිලියන 912ක් ලබාදුන්නේ රේගු දෙපාර්තමේන්තුවයි.

නමුත් පහුගිය අවුරුද්දේ රේගුව ලබාගත් එම ආදායම අපි බලාපොරොත්තු වූ රු. බිලියන 1,065ට වඩා රු. බිලියන 153ක අඩුවීමක්. මේ වසරේ මුල් මාස පහේ දී ආදායම බැලුවොත් අපි බලාපොරොත්තු වූවාට වඩා 30% කින් පමණ අඩු බව පෙනී යනවා. ආයතනයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ වැදගත්කම මේ අවස්ථාවේ සියලු නිලධාරීන් වෙත නැවත මතක් කරනවා. මක්නිසාද රටේ සියලු සංවර්ධන හා සුබසාධන කටයුතු සිදු කෙරෙන්නේ රජය ලබන බදු ආදායමින් නිසා.

රේගු දෙපාර්තමේන්තුව කියන්නෙ හුදු බදු එකතු කිරීමේ ආයතනයක් විතරක් නෙමෙයි. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, අන්තරායකර ද්‍රව්‍ය (Hazardous Material), මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ආයුධ වගේ විනාශකාරී ජාවාරම් නැවැත්වීමට ක්‍රියා කළ යුතු ක්‍රමෝපායිකව වැදගත් රාජ්‍ය ආයතනයක්.

ඒ නිසා මා මේ නවක නිලධාරීන්ට මතක් කරන්න කැමැතියි ඔබ සියලුදෙනාට රජය පත්වීම් ලබාදෙන්නේ නිකම්ම රැකියාවක් කරලා මාසෙ අන්තිමට වැටුපක් ගන්න පමණක්ම නෙමෙයි. ජාතික වශයෙන් අතිශයින් වැදගත් මර්මස්ථානයක සේවය කරමින් ස්වාධීනව, බුද්ධිමත්ව රාජකාරී කිරීමේ විශාල වගකීමක් ඇතිව කියලා.

විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින කාලයක රේගු දෙපාර්තමේන්තුවට දිනපතා නිෂ්කාශනය කළ යුතු ආනයන අපනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඉන්දියානු සාගරයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්, අපරාධ කල්ලි විසින් ජාවාරම් මධ්‍යස්ථානයක් විදිහට භාවිතා කරන්නත් උත්සාහ ගන්නවා.

මෙවැනි පසුබිමක අපි හැකිතාක් නූතන තාක්ෂණය, නූතන යන්ත්‍රසූත්‍ර යොදාගත යුතුයි. නමුත් අවාසනාවට සමහර සුළු පිරිසක් මේ තත්ත්වය තේරුම් අරන් ක්‍රියා කරන්න අකමැතියි. ඒකට හේතුව රේගුව වැනි සංවේදී ආයතනවල ගැවසෙන කළු සල්ලි නිසා වෙන්නත් පුළුවන්. සමහර නිලධාරීන් සේවාදායක ජනතාවගෙන් තොරතුරු වසන් කරමින් සංකීර්ණ ක්‍රියා පටිපාටි පවත්වාගෙන යමින් පෞද්ගලික ප්‍රතිලාභ, දූෂණ වැනි දේ කරන්නත් පෙළඹෙනවා.

අපේ රජය මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන රේගු කටයුතු සඳහා වැදගත් ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කරන්න මුලපුරා තියෙනවා. එයින් කීපයක් මා සඳහන් කරන්නම්:

I. අවුරුදු 149 කට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන කාලයේ ඇති කරපු රේගු ආඥා පනත වෙනුවට නව රේගු පනතක් හඳුන්වාදීමට අපි ක්‍රියා කරමින් ඉන්නවා.

II. රේගු ආනයන අපනයන ලේඛන ක්‍රියාවලිය සඳහා ජාතික තනි ප්‍රවේශ කවුළුව (National Single Window) හඳුන්වා දී ආයතන 31ක් ස්වංක්‍රීයව ඒ හා සම්බන්ධ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

III. මෑතක දී අවදානම් කළමනාකරණ අංශයක් රේගුවට හඳුන්වා දුන්නා.

IV. ඊ-රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රේගුවේ වෙළඳ තොරතුරු ද්වාරය හඳුන්වාදීම. ඒ වගේම ඊ-අත්සන් යෙදීමට Electronic Data Interchange ක්‍රමය හරහා ලියකියවිලි රහිතව ව්‍යාපාර සන්නිවේදන කටයුතු සිදු කිරීම හඳුන්වා දෙමින් තිබෙනවා.

V. රාජ්‍ය ආයතන ගණනාවක් එකිනෙකට සම්බන්ධ කොට මේ වසරේ දී රේගු සමුද්‍රීය ඒකකය (Marine Division) නැවත පිහිටුවීමට කටයුතු කරනවා.

මේ සියලු නව්‍ය ක්‍රියාකාරකම්වලට රේගු නිලධාරීන් විදිහට ඔබගේ සහයෝගයත්, කැපවීමත් අත්‍යවශ්‍ය බව මම මතක් කරන්න කැමතියි. අද දින සේවයට එක්වූ සියලුම නිලධාරීන්ට රජය විසින් ක්‍රියාත්මක කරන නව්‍යකරණ වැඩසටහන් පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමක් කරන්න කියලා මා අධ්‍යක්ෂ ජනරාල්තුමියගෙන් ඉල්ලා සිටිනවා.

අපේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවයේ හැමෝටම 2015 – 2020 දක්වා කාලයේ දී අපි දෙගුණයකට වඩා වැටුප් වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ මාසේ අවසානයේ ඉඳලා සෑම රජයේ සේවකයෙකුටම රු. 2500/- අන්තර් දීමනාවක් අතිරේකව ලබාදෙනවා. ජනාධිපති වැටුප් කොමිසමේ නිර්දේශ මත ඉදිරියේ දී මෙම වැටුප තව දුරටත් සංශෝධනය වේවි.

විශාල අභියෝග මැද්දේ වුවත් මේ සියලු පහසුකම් නිලධාරීන් වෙත රජය පිරිනමන්නේ කාර්යක්ෂම වගේම, උසස් තත්ත්වයේ වෘත්තීය සේවයක් (Efficient, Quality & Professional Service) රට වෙනුවෙන් ලබාදීමටයි. දූෂණයෙන් තොරව තමන් වෙත පැවරී ඇති රාජකාරි උපරිමයෙන් යුතුව ඉටු කිරීමට ඔබ සියලු දෙනාටම හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

අපිට රටක් විදිහට ඉක්මන් සාර්ථක සංවර්ධනයක් සහ ආර්ථික වෘද්ධියක් ඇති කරගත හැකි වන්නේ එවැනි කැපවීමක් සහිත කාර්යක්ෂම රජයේ සේවයක් බිහිකර ගැනීමෙන් පමණක් බව මතක් කරමින් ඔබ සියලු දෙනාගේම අනාගතය සාර්ථක වේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා” යැයි ද පැවැසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ.ආර්.දේශප්‍රිය, ඒ.කේ. සෙනෙවිරත්න, ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

*****

 

Post Views: 47
Previous Post

මම පසුබහින්නේ නෑ – ඇමැති අර්ජුන

Next Post

අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ – නිසි වෙලාවට උත්තර දෙන බව ඇමැති රවි කියයි

editor

editor

Next Post

අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ - නිසි වෙලාවට උත්තර දෙන බව ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
හල්ලොලුව යලිත් රිමාන්ඩ්

හල්ලොලුව යළි යළිත් රිමාන්ඩ් භාරයට

4 June 2025
සමූහ වෙඩි තැබීමක්

සමූහ වෙඩි තැබීමක්

4 June 2025
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025

Recent News

දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
හල්ලොලුව යලිත් රිමාන්ඩ්

හල්ලොලුව යළි යළිත් රිමාන්ඩ් භාරයට

4 June 2025
සමූහ වෙඩි තැබීමක්

සමූහ වෙඩි තැබීමක්

4 June 2025
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
හල්ලොලුව යලිත් රිමාන්ඩ්

හල්ලොලුව යළි යළිත් රිමාන්ඩ් භාරයට

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved