27 April 2024
#දේශීය

මම පසුබහින්නේ නෑ – ඇමැති අර්ජුන

වසරකදී ශ්‍රී ලංකාවේ ලක්ෂයකට පහලොස් දෙනකු ආසන්න වශයෙන් රිය අනතුරුවලින් මිය යන බව ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම රිය අනතුරු මරණවලට බොහෝ විට හේතු වී ඇත්තේ ප්‍රවාහන විනය නොමැති නිසා බැවින් තම ධුර කාලයේදී ප්‍රවාහන විනය ඇති කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මරදාන පරිශ්‍රයේ පැවැති එම උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ විවිධ බාධා සහ අභියෝග පැමිණියත් ප්‍රවාහන විනය සැදීමට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *