• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනයට රුපියල් මිලියන1,500ක් වෙන් කරලා – රාජ්‍ය අමාත්‍ය ජානක

30 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” 2024 වසර වෙනුවෙන් විශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට අප සැළසුම් කර තිබෙනවා. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි රුපියල් මිලියන 34,000කට වැඩි මුදලක් මේ සඳහා වෙන් කර තිබෙනවා. එම සංවර්ධන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමටයි සැලැසුම් කර තිබෙන්නේ. එහිදී උතුර, උතුරු – නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වෙනුවෙන් රුපියල් මිලියන 7000ක් වැය කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම් සකස්කර තිබෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතනවල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ද රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන්, පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 1000ක් මුදල් ලබාදී තිබෙනවා. එම මුදලත් සමග පළාත් පාලන අයතනවල දායකත්වය යටතේ ලබා ගන්නා රුපියල් මිලියන 500ක මුදලත් සමග රුපියල් මිලියන 1,500ක සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට අප බලාපෙරොත්තු වනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”ට රුපියල් මිලියන1,500ක් වෙන් කර තිබෙනවා. එමගින් මහනුවර නගරයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීමට නියමිතයි. පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටු වන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිඳු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා. ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරනවා යැයි මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තා – මන්ත්‍රී විමල්

Next Post

නොච්චියාගම ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට

editor

editor

Next Post

නොච්චියාගම ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved