වසර ගණනාවක් පුරා දහඩියෙන්, ශ්‍රමයෙන්, කැපවීමෙන් හා බලාපොරොත්තුවෙන් තම වෘත්තීය ජීවිතය ගොඩනැගූ ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින් 165 දෙනෙකුට “ස්ථිර සේවකයෙකු” ලෙස ජල නල වෑද්දුම්කරු (Pipe Fitter) තනතුරු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කර තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙනුවෙන් දිගු කාලයක් තම ශ්‍රමය ලබාදුන් මෙම සේවකයින්ට මෙය ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී මොහොතක් විය.
මෙම අයිතිය සහ අවස්ථාව උදාකර දීම සඳහා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු සුසිල් රණසිංහ මැතිතුමාගේ විශේෂ මැදිහත්වීම මෙහිදී අගය කළ යුතුය.
කැපවීමක් කිසිදා අපතේ නොයන අතර, කාලය ගත වුවද සහ බලාපොරොත්තු ප්‍රමාද වුවද අවසානයේ එය සැබෑ වටිනාකමක් බවට පත්වේ. අද ඔවුන් ලැබූ මෙම පත්වීම හුදෙක් කඩදාසි පත්වීම් ලිපියක් නොව, වසර ගණනාවක් පුරා කළ කැපවීමට ලැබුණු නිසි ඇගයීමකි. පවුලක් තුළ උපන් නව බලාපොරොත්තුවක් වන මෙය, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට ලැබුණු අභිමානවත් ආරම්භයකි.
නව තනතුරු ලැබූ ඔබ සැමට අපගේ හදපිරි සුබ පැතුම්! ඔබගේ ඉදිරි වෘත්තීය ගමන සාර්ථකත්වයෙන් හා අභිමානයෙන් පිරී යේවා!
—
















