27 April 2024
#දේශීය

ගම්පහ වැරැල්ලවත්ත කොලිටෙක්ස් ඇඟළුම් ආයතනය කොවිඩ් – 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරේ

ගම්පහ වැරැල්ලවත්ත “කොලිටෙක්ස්” ඇඟළුම් ආයතනය කොවිඩ් – 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සෞඛ්‍ය සේවාවට එක් වීම අද දින (07)සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පළමු අදියර යටතේ ඇදන් 650 කින් සමන්විතව කොවිඩ් ප්‍රතිකාර කටයුතු සදහා අද දින එක් වූ අතර, දෙවන අදියර යටතේ තවත් ඇඳන් 1200 ක් එක්වීමට නියමිතය. ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ලබාගැනීම සදහා රුපියල් මිලියන 25 ක් බස්නාහිර පළාත් සභාවෙන් ලබාදී ඇති අතර, ප්‍රදේශයේ දානපතියන් විසින් ද මුල්‍යාධාර ලබා දී ඇත.

අදියර දෙකක් යටතේ කොවිඩ් ප්‍රතිකාර සඳහා එක්වන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භෞතික පරිවර්ථන කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලබයි. දෙවන අදියරේ භෞතික පරිවර්ථන කටයුතු මේ වන විට 50% අවසන් කර ඇත.

මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *