27 April 2024
#වෙනත්

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර

ගැටුම් හේතුවෙන් සහ වෙනත් විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයට පත් පුද්ගලයින්ට මානුෂීය ආධාර වශයෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් කෘතිම අවයවයන්, ශරීරාංගවල ආධාරකයන් සහ ඔවුනට අවශ්‍ය විශේෂ උපකරණ ලබා දීම වැනි පුනරුත්ථාපන ක්‍රියාවලියන් සිදු කරනු ලබන යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර සැපයීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥාන්සෝති මහතා විසින් ඊයේ (20) දින සිදු කරනු ලැබීය.

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක දොස්තර ටී. ගනේෂමූර්ති මහත්මිය වෙත මෙම අමුද්‍රව්‍ය ආධාර නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.

ආබාධිත පුද්ගලයින් සදහා අවශ්‍ය උපකරණ නිෂ්පාදන ක්‍රියාවලියද ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥාන්සෝති මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට යාපනය අතිරේක දිසාපති එස්. මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *