නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා පැය විසිහතර පුරා ක්රියාත්මක විශේෂ ද්රකතන අංක 1913 අද (19) දින සිට ක්රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන ප්රවාහනය හා ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරා බදු කොමසාරිස් ජනරාල් පැවසීය.
බලපත්ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි කළ හැකිය