• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මංගලගේ සුත්‍රය 2002 හදපු එක්ක … – ජවිපෙ විජිත කියයි

21 October 2018
in දේශීය

මංගල සමරවීර ඇමතිවරයා රටට හෙළි කළේ 2002දී තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් අයි. ඕ.සී. සමාගමට විකිණීම සඳහා අත්සන් කරපු ගිවිසුමේ තිබුණු මිල තීරණය කරන සූත‍්‍රය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මිල සූත‍්‍රය එළියටදාපු එක ගැනත් වෙනම ප‍්‍රශ්නයක් තිබෙන බවයි. මෙම මිල සූත‍්‍රය පිළිබඳව ජනතාව තුළ විශාල කතාබහක් ඇතිවුණු වෙලාවේදී ඛනිජ තෙල් පොදු සේවක සංගමය තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මිල සූත‍්‍රය ඉල්ලා සිටි බවත් එහිදී තොරතුරු පනතට අනුව අභියාචනයකුත් කළා.

නමුත් මිල සූත‍්‍රය ලබාදිය නොහැකි බව තොරතුරු පනතේ වගන්තියක් උපුටා දක්වමින් මුදල් අමාත්‍යාංශ්‍ය පැවසු අතර එසේ තිබියදී තමයි දෙන්න බැහැ කියපු මිල සූත‍්‍රය මංගල ඇමතිවරයා විසින් රටට හෙළි කර ඇති බවහේරත් මහතා කියා සිටියේය.

එහිදී විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ හානි පූරණය සඳහා වූ කාර්යාල පනත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්ථකතන ලබාදෙනවා. පනතේ අරමුණ වෙලා තිබෙන්නේ කිසියම් දේශපාලන, යුද, සිවිල් ගැටුම් නිසා හානියට පත්වූ අසාධාරණයට පත්වූ පාර්ශ්වයන් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමයි. පනතට අනුව අසාධාරණයට පත්වන සියලූම ජනතාවට භේදයකින් තොරව වන්දි ලබාදිය යුතු වෙනවා. දේපළ හානි වීම නිසා හෝ ජීවිත හානිවීම නිසා අසාධාරණයට පත්වන පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම සිදුවිය යුතු වෙනවා. එම වන්දි ගෙවීම එල්.ටී.ටී.ඊ.යට ලඝු කිරීම වැරදි සහගත දෙයක්. යුද්ධය අවසන් වූනේ 2009 මැයි මාසයේ. යුද්ධය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණේ අපි කඩිනමින් සිදුකළ යුතු යෝ්ජනා මාලාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලූම දෙනාට සාධාරණය ඉටුකළ යුතු බව අපි අවධාරණය කළා. විශේෂයෙන් යුද්ධයේදී වැන්දඹුවන් බවට පත්වූ සියලූ දෙනාට කඩිනමින් සහන සැලසිය යුතු බවත් වන්දි ගෙවිය යුතු බවත් අපි යෝජනා කළා. එවැනි තත්වයන් ප‍්‍රබල මානුෂීය කාරණයක් ලෙස තේරුම් ගෙන කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතු බවත් අපි ආණ්ඩුවට තරයේ කියා සිටියා. නමුත් අද වනවිටත් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේවා විවිධාකාරයෙන් පාවිච්චි කර ගන්නවා. නැවත යුද්ධයක් ඇති නොවීමට නම් යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලූ දෙනාට සාධාරණය ඉටුකළ යුතුයි. යුද්ධය පවතින අවස්ථාවේ අපි පැහැදිළි ස්ථාවරයක හිටියා ත‍්‍රස්තවාදී යුද්ධයට යුදමය විසඳුමක් අවශ්‍ය යැයි කියලා. ඒ වෙනුවෙන් අපි මතවාදී අරගලයක් කළා. ඒ වගේම යුද්ධය අවසන් වූ පසුව ඇතිවූ තත්වය සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතු බවත් අපි ආණ්ඩුවවට අවධාරණය කළා. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවනවා තබා යුද්ධයෙන් ආබාධිත වූ සොල්දාදුවන්ගේ විශ‍්‍රාම වැටුපවත් ගෙවන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි බොරුවට දේශපේ‍්‍රමය ගැන නන් දොනඩවන පිරිස් සොල්දාදුවන්ගේ විශ‍්‍රාම වැටුප දිනා දීමට මැදිහත් වෙන්නේ නැහැ. එනිසා අපි කියන්නේ උතුරේද, දකුණේද කියා වෙනසක් නැතිව සියලූ දෙනාට සාධාරණය ඉටු කළ යුතු බවයි. යැයි හේරත් මහතා කියා සිටියේය.

 

 

Post Views: 19
Previous Post

තාමත් හිටන් ඉන්නේ වෙනස කරන්නයි – ඇමැති දුමින්ද

Next Post

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට – ඇමැති අකිල

editor

editor

Next Post

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට - ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved