27 April 2024
#දේශීය

තාමත් හිටන් ඉන්නේ වෙනස කරන්නයි – ඇමැති දුමින්ද

අපි පොඩ්ඩක් එහාට මෙහාට මතයක් කියා ගත්තම සමහරු හිතනවා දැන් ආණ්ඩුව ඉවර බවත් හෙට ඉඳන් අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙනවා කියා බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටින්නේ අපි රට හදන්න, ගම හදන්න ජනතාවට දුන්න පොරොන්දුවත් එක්ක තමයි මේ ආණ්ඩුව කරන්නේ බවත්, ඒ ඇරෙන්න ඇමතිකමේ ඉන්න බලාගෙන, වරප්‍රසාද වෙනුවෙන් නෙමෙයි.අපි වරප්‍රසාද දාලා ගෙදර ආපු කට්ටිය නොවන බවයි.

ඇමතිකම දාලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක මේ රට වෙනස් කරන්න , අලුත් දෙයක් කරන්න , රටේ තිබුණ ක්‍රමවේදය වෙනස් කරන්න අපි තනතුරු දාලා , ආරක්ෂකයෝ දාලා , යාන වාහන දාලා වෙනසක් කරන්නයි අපි එළියට බැස්සේ, දුමින්ද තාමත් හිටගෙන ඉන්නේ ඒ කාරණය වෙනුවෙන් යැයි අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පයින්ඩිකුළම පොදු සුසාන භූමිය අසල සිට ජයඟග දක්වා මාර්ගය පිළිසකර කිරීම හා තලාව කැලේගම මාර්ගය ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කරමින්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *