• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2023 LPL තරගාවලියට ලොව සුපිරි ක්‍රිකට් තරු රැසක්

3 May 2023
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League – LPL) විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි අදියර 2023 ජූලි 30 සිට 2023 අගෝස්තු 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Galle Gladiators, Dambulla Aura, Jaffna Kings, Colombo Strikers සහ Kandy Falcons යන කණ්ඩායම් මෙවර ශූරතාව සඳහා තරග වදින අතර, කොළඹදී සහ මහනුවරදී තරග පැවැත්වේ. මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් ඇතුළත් වනු ඇත. දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2023 මැයි 15 දින ආරම්භ වන අතර, කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම 2023 ජූනි 04 දින සජීවීව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන ඩ්වේන් බ්‍රාවෝ සහ කයිරන් පොලාඩ් මෙන්ම බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් වැනි සුපිරි තරු රැසක් මෙවර LPL තරගාවලියට එක්වෙති.

ඊට අමතරව ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අයර්ලන්තය, නවසීලන්තය සහ නැමීබියාව යන රටවල ක්‍රීඩකයන් රැසක් මෙවර LPL තරගාවලියට එක්වනු ඇත. මැතිව් වේඩ්, ෂෝන් මාෂ්, ඩාසි ෂෝට්, උස්මාන් කවාජා, ලුන්ගි න්ගිඩි, ඉම්රාන් තහීර්, තබ්‍රීස් ෂම්සි, මුහම්මද් නවාස්, නසීම් ෂා, වහාබ් රියාස්, ලිට්න් ඩාස්, අෆිෆ් හොසේන්, පෝල් ස්ටර්ලිං, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සීෆර්ට්, ඩග් බ්‍රේස්වෙල්, සහ එරාඩ් ඉරාස්මස් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම දෙවරක් එකිනෙකා සමග තරග වදිනු ඇති අතර, ඒ අතරින් කණ්ඩායම් හතරක් ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලිය පුරාම ප්‍රේක්ෂකයන්ට ඉතාමත් උණුසුම් තරග අත්දැකීම් පෙළක් විඳගැනීමට හැකි වනු නිසැක ය.

ඩුබායි පදනම් කරගත් දැවැන්ත සමාගමක් වන IPG, 2023 LPL තරගාවලියේ නිල ප්‍රවර්ධක සමාගම ලෙස කටයුතු කරයි. ලොව ජනප්‍රිය ක්‍රීඩකයන් රැසක් සහභාගී වන LPL තරගාවලිය ප්‍රේක්ෂකයන්ට සදානුස්මරණීය අත්දැකීමක් වනු ඇති බව, IPG සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසී ය.

කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නියමිත බැවින් ඩ්වේන් බ්‍රාවෝ සහ කයිරන් පොලාඩ් සහභාගී වනු ඇත්තේ LPL තරගාවලියේ මූලික අදියරේ තරගවලට පමණි. මෙවැනි විශාල ජනප්‍රියත්වයක්, පිළිගැනීමක් සහ ඉල්ලුමක් ඇති ක්‍රීඩකයන් LPL තරගාවලියට සහභාගී වීමට උනන්දුවක් දැක්වීම, ජාත්‍යන්තර තරු ආකර්ෂණය කරගැනීමට LPL තරගාවලිය සතු හැකියාවට මනා සාක්ෂියකි.

“මෙම වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සැලසුම්වලට බාධාවක් නොවන ආකාරයට, ජූලි සහ අගෝස්තු මාසවලදී LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙය අපට ඉහළම තලයේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ආකර්ෂණය කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්.” ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා පැවසී ය.

ආරම්භයේ සිටම අතිශය සාර්ථක තරගාවලියක් වූ LPL ලොව පුරාම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයන්ට, ලොව ප්‍රවීණ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා ලැබෙන අනගි අවස්ථාවකි. මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන් ළඟදීම ප්‍රකාශයට පත්කෙරෙනු ඇති අතර, ඉන් අනතුරුව ක්‍රීඩාලෝලීන්ට තරග නැරඹීම සඳහා කාලය සහ අවස්ථාව වෙන්කර ගැනීමට හැකි වනු ඇත.
“නැවත වරක් මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම වසරේ LPL තරග උණුසුම විඳගැනීමට අප මහත් උනන්දුවකින් යුතුව බලා සිටිනවා. තරගාවලියට එක්වන සුපිරි ක්‍රීඩකයන් දෙස බලන විට, මෙය අතිශය සාර්ථක තරගාවලියක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” සමන්ත දොඩන්වල මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ වනවිට ලොවම බලා සිටින තරගාවලියක් වන 2023 LPL තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් වනු නො-අනුමාන ය.

Innovative Production Group (IPG) පිළිබඳව

ක්‍රීඩා ක්ෂේත්‍රයේ වසර 50 කට අධික පළපුරුද්දක් හිමි IPG, මේ වනවිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් වී සිටී. එම සමූහ ව්‍යාපාරය තරග සහ තරගාවලි කළමනාකරණය, සජීවී තරග විකාශය, කණ්ඩායම් හිමිකාරීත්ව අලෙවි කටයුතු හා අනුග්‍රාහකත්වයන්, ක්‍රීඩා අලෙවිකරණය, ක්‍රීඩාංගණ අනුග්‍රාහකත්වයන්, ඩිජිටල් සහ රූපවාහිනී විකාශන හිමිකම්, ජනමාධ්‍ය බෙදාහැරීම් සේවා සහ උපකරණ හා OB Van කුලී පදනම මත ලබාදීම වැනි සේවාවන් රාශියක් පිරිනමයි. මේ වනවිට ව්‍යාපෘති 250 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති IPG, ලොව පුරා නගර 50 කට අධික සංඛ්‍යාවක සේවාදායකයන් 50 කට අධික පිරිසක් වෙනුවෙන් වීඩියෝ 300 කට අධික සංඛ්‍යාවක් පටිගත කර, නිෂ්පාදනය කර තිබේ.

 

පිටපත – PR

Post Views: 3
Previous Post

එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ වෙසක් කූඩූ තරඟාවලියක්

Next Post

ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති කාර්යාලයෙන් කාර්ය සාධක බළකා 07ක්

editor

editor

Next Post

ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති කාර්යාලයෙන් කාර්ය සාධක බළකා 07ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved