• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 වන විට රට තුළ ඖෂධ නිෂ්පාදනය 50% ට දක්වා වැඩි කරනවා – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය

28 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ඖෂධ නිෂ්පාදනය 2025 වසර වන විට 50 % ක් දක්වා ඉහළට ගෙනඒමට හැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට පෞද්ගලික අංශයේ ප්‍රම්‍රඛතම සුව සේවා සපයන්නෙකු වන “නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගම” මීගමුව නගර මධ්‍යයේ ස්ථාපිත කළ සිය නවීනතම රෝහල් ගොඩනැගිල්ල අද (28) උදෑසන ප්‍රතිකාර සේවාවන් සදහා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතාගේ සහභාගිත්වයෙන් ප්‍රතිකාර සේවාවන් සදහා වීවෘත කළ මෙම නවීන පහසුකම්වලින් යුත් ආරෝග්‍ය ශාලා ගොඩනැගිල්ල මහල් 07 කින් යුක්තය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා“මම අද ඉතාම සතුටු වෙනවා රටේ මුලික අවශ්‍යතාවයක් වන වැඩපිළිවෙලක සුවිශේෂි දායකත්වයක් දිය හැකි අවස්ථාවකට සහභාගිවීමට හැකිවීම ගැන. මේ රටේ මෙතෙක් බිහි වුණ ලස්සනම පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථානය ලෙස ඔබ හැදින් වූ මෙම රෝහලට මම එක් කරන්න කැමැතියි වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට විශ්වාසය රඳවා තබන්නට හැකි ආරරෝග්‍ය ශාලාවක් කියන එක. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් එසේ නැතිනම් සරල භාෂාවෙන් අපි රෝහලට යනවා කිවහොත් අපිට විශ්වාසය තමයි මුල් වෙන්නේ එම රෝහල තෝරා ගැනිම සදහා. එම විශ්වාසයට තමයි සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ. වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව විශාල විප්ලවීය තත්ත්වයන් කතා වෙමින් පවතිනවා. හේතුව මෙරට ආර්ථික අවපාතයත් එක්ක අපි කොහොමද ගලපාගන්නේ කියා. සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මට ක්‍රමවේද දෙකක් බැහැ. එකම එක ක්‍රමවේදයයි මම අනුගමනය කරන්නේ රටේ පුරවැසියට අවශ්‍ය කරන ප්‍රමාණයට අවශ්‍ය පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැපයුම් හා එහි මුලික අවශ්‍යතාවයන් පිරිමැසීමේ වගකීම මට තිබෙනවා. මට නිදහසට කරුණු නෑ. මම නිදහසට කරුණු ඉදිරිපත් කරන්න සුදානමකුත් නෑ. ඒ නිසා සමහර විට අපි ගන්න තීන්දු අභියෝගයට ලක් වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. මොකද හේතුව මුලික අවශ්‍යතාවය පිරිමැසීම අපි පළවෙනි තැනට දැමුවහොත් අපි යන්නේ කොහොමද කියන මාර්ගය කටුකයි, අභියෝගාත්මකයි. සමහරක් විට සාමාන්‍ය රටේ ලෝකයේ පවතින, පැවතුණු ක්‍රමවේදයන්ගෙන් බැහැරව අපිට යන්න වෙනවා. මොකද අපේ මුක්ත අවශ්‍යතාවය වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබා දිය හැකි උපරිම සේවය පුරවැසියාට ලබා දීමයි. එය අභියෝගයක්.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා මෙහිදී කියා සිටියේ නව ගොඩනැගිල්ල මීගමුවේ දී විවෘත කිරීමට ලැබිම පිළිබදව සතුටට පත්වන බවත්, මෙම නවීනතම පහසුකම ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් වූ කැපවීමේ සාක්ෂියක් බවයි.

මෙම නව ගොඩනැගිල්ල නවීන අභ්‍යන්තර අලංකරණයන් සහ අතිනවීන උපකරණ වලින් සමන්විත වේ. එහි චැනලින් සේවා, නේවාසික කාමර, රසායනාගාර සේවා, අක්ෂි වෛද්‍ය ඒකකයක්, ෆාමසියක් සහ නේවාසික ප්‍රතිකාර සදහා ඇඳන් වැඩි සංඛ්‍යාවක් ඇතුලු සේවාවන් රැසකින් යුක්තය.

නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ රසායනාගාර ජාලය සමාගමේ වැදගත් අංගයක් වන අතර, ප්‍රධාන රසායනාගාර මීගමුව, ගම්පහ, කුරුණෑගල, හෝමාගම, කොටහේන, මඩකළපුව, ත්‍රිකුණාමලය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටා ඇත. මේ හරහා රසායනාගාර සේවා 1000 කට අඅධික ප්‍රමාණයක් සපයන අතර, දිවයින පුරා සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථන 20 කට අධික සංඛ්‍යාවකින් යුක්ත වේ. මේ අනුව මීගමුව නගර මධ්‍යයේ නවීන පහසුකම්වලින් තාක්ෂණික සහ නවීන යටිතල පහසුකම් වලින් යුක්තව පුළුල් පරාසයක ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සදහා වැදගත් කාර්යභාරයක් සපුරාලිමට මෙතැන් සිට කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂිකා ට්‍රෙිසී ධර්මදාස (Madum tracy Dharmadasa)”ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි නාලක නිරෝෂන් යන මහත්ම මහත්මීන් ද නව රෝහල් කලමණාකාර මණ්ඩලයේ සාමාජිකයින්, වෛද්‍ය හෙද රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

ආඩියාපුලියන්කුලම පානීය ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පත් කෙරේ

Next Post

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත් වේ

editor

editor

Next Post

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved